ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියෝ (ආදිවාසී ජනයා) ‘මානව ඉතිහාසයේ පැරණිතම අඛණ්ඩ සංස්කෘතීන්’ වෙති. එහෙත්, වසර 122 ක් පැරණි ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල, ආදිවාසී ජනයාගේ වසර 65,000 පැරණි සංස්කෘතීන් පිළි ගෙන නොමැත. ‘YES’ ඡන්දය සිදු කරනු ඇත්තේ ආදිවාසී ජනයා පිළි ගැනීම යි. එහෙත් ඔවුන්ගේ හඬ (Voice) අසන බවට සහතික කරන යාන්ත්‍රණයක් නොමැතිව කඩදාසියේ පමණක් කරන පිළි ගැනීම අනුග්‍රහයක් වන්නේ නැත. රට පුරා සිටින ආදිවාසී වැඩිහිටියන් සහ නායකයන්ගෙන් බහුතරයකට අවශ්‍ය වන්නේ – ඔවුන්ගේ ජන ප්‍රජාවන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ විධායක ආණ්ඩුව වෙත නියෝජනයන් සිදු කිරීම සඳහා ‘ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත්වාසී හඬ (Voice)’ යනුවෙන් හඳුන්වන ආයතනයකු යි. එය අසන්නට තරම් දෙයකුත් නොවේ.
YES යැයි පැවසීමෙන්, අපි ඡන්දය දෙන්නේ හඬ (Voice) කට පමණක් නොවෙයි; අපි ඕස්ට්‍රේලියානුවන් සියළු දෙනාගේ සහකම්පනය, යුක්තිය සහ වඩා දීප්තිමත් හෙටක් වෙනුවෙනුත් ඡන්දය ප්‍රකාශ කරන්නෙමු. පීඩා විඳින ආදි ජනයාට, වඩා හොඳ ප්‍රතිඵල අත් කර දෙන අන්දමේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් කරා අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය උසස් තත්වයට ගෙන එන්නෙමු.
හඬ (Voice):
ජන ප්‍රජාවන් සවිබල ගන්වා ජීවිත සාරවත් කරනවා ඇත
ආණ්ඩුවේ දෙපාර්තමේන්තු, ආයතන සහ ඇමතිවරු බිම් මට්ටමේ නියෝජිතයින්ට සවන් දෙන විට, ප්‍රතිපත්ති වඩාත් පිරිපහදු බවට පත් වනු ඇත; වඩා නැනවත් තේරීම් සිදු කරනවා ඇත; ක්‍රියාවට නැංවීම ඵලදායී වනවා ඇත; බදු ගෙවන්නන්ගේ අරමුදල් වගකීමෙන් යුතුව වියදම් කරනවා ඇත.
පරතරය පියවා සබඳතා ගොඩ නඟනවා ඇත
ආදිවාසී සහ ආදිවාසී නොවන ජනයා අතර ‘පරතරය පියවීමේ’ ගමන සිදු කරනු ලබන්නේ සංවාදය, අවබෝධය සහ සමාජ ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමත් සමඟිනි. දේශීය හඬ (Voice) දේශීය සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකියා සහ නිවාස වැඩිදියුණු කළ හැකි අන්දමේ අදහස්, නවෝත්පාදන සහ ප්‍රායෝගික විසඳුම් සඳහා වන සරණියක් වේ. එය සමගිය, ප්‍රගතිය සහ බෙදාහදා ගනු ලබන සමෘද්ධිය දෙසට තබන ධනාත්මක පියවරක් වේ.
විවිධත්වය වැලඳ ගනිමින්, අන්තර්ග්‍රාහිත්වය මූර්තිමත් කරමින් විනිවිදභාවය සහතික කරනවා ඇත.
වැඩිහිටියන්ගේ සහ කාන්තාවන්ගේ ප්‍රඥාව, තාරුණ්‍යයේ ප්‍රාණවත් බව සහ වෙනස් හැකියා සහිත අයගේ ඔරොත්තු දීම ඇතුළත් කර ගන්නා හඬ (Voice) ආදිවාසී ජනයාගේ සාරවත් විචිත්‍රත්වය මූර්තිමත් කරයි. එම හඬ විසින් කරනු ලබන නියෝජනයන් ප්‍රාදේශීය ආයතන හා බිම් මට්ටමේ ජන ප්‍රජාවන්වල අත්දැකීම් වලින් දැනුවත් වන බවට සහතික කිරීම සඳහා ඔවුන්ගේ උපදෙස් ලබා ගනු ඇත. විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සඳහා එය සම්මත පරිපාලන සහ වාර්තාකරණ අවශ්‍යතාවයන්ට ද යටත් වනු ඇත.
සංහිඳියාවට මඟ පෑදීම
අතීතයේ කරන ලද අසාධාරණයන් ගැන ඔස්ට්‍රේලියානු ආණ්ඩුව 2008 දී සමාව අයැදීමත් සමඟ, හඬ (Voice)ට සවන් දීම මඟින් දිගටම කෙරෙන අසමානතාවයන්ට පිළියම් කළ හැකිය. එය පීඩාවන් සුවපත් කරන්නට, සත්‍යය පවසන්නට සහ ගිවිසුමක් කරා එළැඹෙන්නට තබන ප්‍රායෝගික පළමු පියවරක් වේ.
පවතින සංවිධාන සහ සාම්ප්‍රදායික ව්‍යුහයන් සමඟ එකට කටයුතු කරනවා ඇත.
හඬ (Voice) යන්නෙන් මුළුමණින් අදහස් වන්නේ ස්වාධීන උපදෙස් ලබා දීම යි; එහි සංයුතිය, කර්තව්‍යයන් සහ බලතල පිළිබඳ අවසන් තීරණය පාර්ලිමේන්තුවට සහ ආණ්ඩුව සතුව පවතිනවා ඇත.
හඬ (Voice) ආදිවාසී ජනයාට තමන්ගේම රටේ නිසි තැන අත් කර ගන්නට සහාය වනු ඇත.
එය ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් කිසිදු දෙයක් පැහැර නොගනියි.
අප අපේ හදවතට අනුව සිතා බලා නිවැරැදි දේ කරමු.
‘YES’ වෙනුවෙන් ඡන්දය දෙමු.
Dr Lionel Bopage,
President
Mr Antony Gratian
Secretary
For Australian Advocacy for Good Governance in Sri Lanka (AAGGSL)
