රනිලාගමනයේ හෙට දවස ….

Date:

දේශපාලන ලෝකය තුල යම් පුත්ගලයෙකුට දේශපාලන ප්‍රතිරූපයක් බවට පත්වීම සඳහා සැලකිය යුතු කාල අවකාශයක් ගතවේ..

ඒ අනුව පසුගිය කාලයේ මහින්ද රටේ ජාතිකවාදයේ අයිකන් එක බවටද, රනිල් ලිබරල් අයිකන් එක බවටද පත්විය..

එසේම පුත්ගලයෙකු වටා මෙසේ ගොඩ නැගුන ප්‍රතිරූපයක් නයා හැව ඇරියාක් මෙන් හිටි ගමන් මාරු කිරීමටද නොහැක.. මන්ද එසේ කල විට එය කොහෙටවත් නැති විකාරයක් වන බැවින්.

මෙහිදී මහින්ද වටා ගොඩ නැගුන ජාතිකවාදී ප්‍රතිරූපයට ඔහු විශේෂයෙන්ම උතුරේ යුද්ධය සම්බන්දව කල සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදීමය හා යුධමය මැදිහත්වීම සහ ඔහුගේ නම, ගම, පරම්පරාව, උඩු රැවුල, කතා විලාශය වැනි බොහෝ දෑ ඉවහල් විය..

එසේම රනිල්ගේ ලිබරල් ප්‍රතිරූපය වෙනුවෙන් ඔහු උතුරේ දෙමළ ජන අයිතීන් වෙනුවෙන් පෙනීසිටීම සහ යුධසමයේදී යුද්ධයට වඩා සාමයට වැඩි නැඹුරුවක් දැක්වීම සහ ආර්ථිකය සම්බන්ද ඔහු සතු ගෝලීය දැක්ම සහ ජාත්‍යන්තර සඹඳතා ඔහුගේ ඇඳුම,පරම්පරාව වැනි බොහෝ දෑ හේතුවන්නට ඇත..එසේම මේ මොහොතේ පවා රනිල්ට රාජපක්ෂ සෙවනේ පැවැත්ම ඇත්තේද ඔහුට ජාත්‍යන්තර ලිබරල් සඹඳතා නඩත්තුකිරීමට හැකියාව ඇතිතාක් පමණයැයි අපට සිතිය හැකිය.එසේ නැතිව ඩුප්ලිකේට් ජාතිකවාදියෙක්ගෙන් ඔවුන්ට පලක් නැත..

පසුගිය ආසන්න සමය තුල රනිල් ඔහුගේ දහතුන ගැන උනන්දුව මන්දගාමී කරමින් සහ වීරවංශ වර්ගයේ මැටිමෝල් අධිරාජ්‍යවිරෝධයට වැඩිබර තබමින් ඊළඟට එළඹෙන ජනාධිපතිවරනය වෙනුවෙන්දෝ පොහොට්ටු අවකාශයේ තහවුරුවීමට උත්සහ දරනු පෙනින..

මේ හරහා ඔහුට මහින්දගේ ප්‍රජාව දිනාගත හැකියැයි ඔහු විශ්වාස කරන්නේ නම් එය බරපතළ වරදකි..මන්ද රනිල් කෙතරම් උඩ පැන්නත් තාමත් පොහොට්ටු පාක්ෂිකයන්ගේ චන්දය හිමිවන්නේ මහින්ද නම් කල පුත්ගලයෙකුට පමනි..

මෙහිදී රනිල් දැන් කරමින් සිටින ඔහුත් නොදන්නා ගෝත්‍ර දේශපාලන නාඩගම විසින් ඔහුගේ එ.ජා.ප. යට තිබූ චන්ද ලක්ෂ දෙකද නැතිවී ඔහුට පොහොට්ටු බේස් එකද නැතිවී යාමට ද ඉඩ විවරවී ඇත.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගැනුණු කෙහෙළිය පවුලට ඇප!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...