බම්බලපිටියේ මාරක ගුවන් පාලම

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිනකට මගීන් දහස් ගණනක් එහාමෙහා ගමන් කරන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බම්බලපිටිය දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා ඉදිකර ඇති ගුවන් පාලම මේ වනවිට ඉතාමත් අබලන් තත්ත්වයකට පත්ව ඇත.

මෙය ඉතාමත්ම අවදානම් තත්ත්වයක් වන අතර, ගුවන් පාලමේ යකඩ වැටවල් දිරාපත් වී ඇති අතර කොන්ක්‍රීට් කණු ද පුපුරා ගොස් ගැලවී යන තත්ත්වයක් මතුවී තිබෙණු දක්නට ඇත.

විශාල අනතුරක් සිදුවීමට මත්තෙන් මෙය අලුත්වැඩියා කළ යුතු බව දුම්රිය මගීන් පවසන අතර, මෙය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ගුවන් පාලමක් ද වන බව වාර්තා වේ.

මේ වනවිට පාලමේ අබලන් තත්ත්වය ගැන එම අධිකාරියට ලිඛිතව මෙන්ම වාචිකව ද දැනුවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරුවරයා පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...