රට ගොඩයන්න නම් ජන මතය විමසන්නම වෙනවා – මුජිබර්

Date:

කොළඹ LNW: ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් ක්‍රියාකලාපය තුළ රටට ගොඩයාමක් නම් නොමැති අතර රට ගොඩයන්න නම් අනිවාර්යයෙන් මැතිවරණයක් තබා ජන මතය විමසිය යුතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළේය.

ඒ, අද (08) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජනතාවට අලුත් බලාපොරොත්තු ඇති කර ගැනීම සඳහා මැතිවරණයක් ලබාදිය යුතු බවයි රහුමාන් මහතා සඳහන් කළේ.

”දැන් වික්‍රමසිංහ මහත්තයා එයාගේ බලය රැකගන්න එයාගේ ජනාධිපති පුටුව ආරක්ෂා කරගන්න දැන් පොහොට්ටුවේ මතවාදයට ගිහින් තියෙනවා. පොහොට්ටුව කියන දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා මේකෙන් වෙන්නේ අපේ රට තව තව විනාශ මුඛයට යන එක ගොඩ යාමක් නම් නැහැ. රට ගොඩයන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ජනතාවගේ මතය විමසන ජනතාවට අවස්ථාවක් ලබා දෙන්න ඕනේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරලා අලුත් ආණ්ඩුවක් තෝරාගෙන ලෝකයත් එක්ක අලුතෙන් හිතන්න පුළුවන් අලුත් බලාපොරොත්තු එක්ක ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාව මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනාධිපතිතුමා ඒක කරන්න ඕනේ.” යනුවෙන් තවදුරටත් ඔහු ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

යුපුන්ගේ රිදමයට පැමිණීම

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: යුපුන් අබේකෝන් සිටියේ යම්...

ජ.වි.පෙ.ට යථාර්ථය සම්මුඛ වීම ….

මාලිමාව බලය සඳහා හෝ වෙන දෙයක් සඳහා හෝ බාහිර...

බංගලාදේශ නායක සන්ටෝ සහ දඟ පන්දු බල ඇණිය වැඩි ගෞරව දිනා ගත් තරගයක්

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...