මින් ඉදිරියට කටවුට් එපා. අපි කටවුට් දේශපාලනයෙන් අයින් වෙමු – ජනපති

Date:

මින් ඉදිරියට තමන්ගේ රුව කටවුට් සහ පෝස්ටර්වල ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (08) දිනයේදී පැවති මඩකලපුව චෙංකලාඩි මධ්‍ය මහා විද්‍යාලයේ සංවත්සර උත්සවයට එක්වෙමිනි.

“තව එක කාරණයක් ගැන මම කියන්න කැමතියි. සම්ප්‍රදායක් හැටියට මම එද්දි ලොකු කටවුට් එකක් දාලා තියෙනවා. ඒත් මම කටවුට්වලට විරුද්ධයි. මම කියන්නේ අපි කටවුට් දේශපාලනයෙන් අයින් වෙමු. සටන්පාඨ දේශපාලනයයි කටවුට් දේශපාලනයයි අපිව මෙහෙට ගෙනාවා. අන්තිමට ආර්ථිකය කට් වුණා. ඒ නිසා ඒවා නැතුව අපි අලුතින් හිතමු. මම අනිත් දේශපාලන නායකයින්ටත් කියනවා තමන්ගේ පින්තූරය හැම පෝස්ටරයකම දාන එක උවමනා නෑ කියලා. මිනිස්සු අපි රූපවාහිනියේ එනවා දැකලා බැන බැන ඉන්නවා. පෝස්ටර්වල දාලා අලවලා ඒ අයට තව එකපාරක් දෙන්නේ අපිට බනින්නයි”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරම අතට ගත් වර්මා හතර අතට පහර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW: දෙවන කාන්තා විස්සයි විස්ස...

දිට්වා ධීවර ක්ෂේත්‍රයට කළ හානිය – කෝටි 750 ක් ඉක්මවා විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට...

චීනයේ Bohai මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක්!

කොළඹ LNW:ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6...

මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර...