ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ එහි සබාපති ශම්මි සිල්වා සම්බන්ධයෙන් අප තුළ සියයට සියයක පැහැදීමක් නැත.එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අංචි අදින අමාත්‍යංශය,අමාත්‍යතුමා සහ එතුමාට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාව ගැන ද එහෙම පැහැදීමක් නැත.පැහැදෙන්නටනම් එකිනෙකාගේ ඇරියස් බිමින් තබා ක්‍රිකට්මය වූ සහෘදකමක් ඇති විය යුතුය.ඒ සඳහා දිගු කතාබස්වල එකට සිටිය හැකි නැවතුම් කොතෙකුත්ය.එහෙත් එවා අතහැර තමන්ගේ උද්ධච්ඡකම් සමඟ රැදීම මේ සියලු දෙනාගේ කැමත්ත වී ඇත.ඒ ඊගෝ සෙල්ලමෙන් ක්‍රිකට් සල්ලං විය හැකි බව අපි මීට පෙරද කීවෙමු.
නමුත් ක්‍රිඩා අමාත්‍යංශයේ සහ ඔය උපදෙස් දෙන්නට සිටින පිරිසට වඩා සමාජය සහ වෙනත් ක්‍රිඩා අර්බූදයකට මුහුණ දී සිටින විට ඊට මැදිහත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සිත් පහළවීම සහ ඒ තෝරා ගැනීම් ගැන අපට යම් පැහැදීමක් ඇත.මේ මොහොතේ තරුෂි කරුණාරත්නට ලක්ෂ සියයක මුදලක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපත්වීම ද එවැනි පැහැදිමක් ඇති තත්ත්වයකි.
ලංකාවේ මේ “දෙන අත” උඩම පිහිටා නැත්නම් වැඩේ සිද්ධ වෙන්නේ නැත.දෙන්න සෙස්සන්ගේද අත් එසැවෙන්නේ එවිටය.ශම්මි මලල ක්‍රීඩාවට දෙන්නේ ඔහු පාසල් අවධියේ වාර්තාගත ලෙස හෙල්ල වීසි කර අතින්ය.ඔහුට මලල ක්‍රිඩා ප්‍රේමියෙක් ලෙස මෙන්ම මලල ක්‍රිඩකයෙක් ලෙස ද වූ කාලයක් ඇත.හෙල්ල පමණක් නොව යගුලිය,කවපෙත්ත ආදියේ ද කැපී පෙණුන ශම්මි ගේ පුහුණුකරු වූයේ,මතකය නිවැරදිනම් ජාතික පුහුණුකරු ධූරය පවා දැරූ ලක්ෂමන් ද අල්විස් ය.
සාමාන්‍ය පරිදි තියෙන තැනට සියල්ල ගොනු කරනාකාරයෙන්ම ශම්මිට තමන්ගේ ඉසව්ව නියෝජනය කරන දිරියවන්ත කෙල්ල නදීශා දිල්හානි ලේකම්ගේ මෙවර ආසියානු මලල ක්‍රිඩා පදක්කම් සටහන ආරම්භ කළ බවට ද,එය ඉතිහාසයේ පිටියේ ඉසව්වකින් ක්‍රීඩිකාවක් ආසියානු ක්‍රීඩා උළෙලක දැක් වූ ඉහළම දක්ෂතාවය බවද සිහි කරන්න අපි කැමත්තෙමු.ඒ නිසාම එම රිදී පදක්කම රත්තරන් හා සමාන වටිනාකමක් ඇති ඉතිහාසයේ ස්වර්ණමය ඇරඹුමකි.
තවත් අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද සිටියත් වඩාත් සමීප ලැබැදියාවන්ට අපි ශම්මිව සමීප කරන්නෙමු.
තරුශි ගැන බොහෝ කතාවන් මේ දිනවල ඔබ කියවා ඇත.ඇයව රට පටවන්නට යෝජනා කරන්නේ දැඩි ආදරයකින් බවද අපි දනිමු.සමහර අය තරුශි මේ වන විට ඇමෙරිකාවේ යන්න ගුවන් තොටුපළ පෝලීමේ සිටින තරමට ගමන තහවුරු කර දමන සටහන්ද ඇස ගැටෙන්නේය.ඒත් මේවායේ අවසාන තීරණය තරුශි සහ පුහුණුකරු සතුය.ලංකාවට පුරවැසියන් ලෙස ද ඇමෙරිකාවට ගිය ඇතැම් අය අහිමි වූහ.එසේම විවිධ විදෙස් පුහුණු සදහා ගිය පිරිස් අතරින් ඉහළ ප්‍රතිපල ගෙන දුන්නේ කිහිප දෙනෙක් පමණක් බවද අපි දන්නෙමු.සමහර පිරිස් දැක් වූ දක්ෂතාවලින්ද පහළ වැටිණි.
ඒ නිසා රට යන හෝ යවන කතාව අපි පසුවට තීබීම වැදගත්ය.ඇය ක්‍රිඩා පුහුණුවීම් කරන්නේ දිගන පිටියේය.එය කෘතිම ධාවන පථයක් ඇති පිටියක් නොවේය.එහෙත් එහි ජාතික මට්ටමේ මේ මොහොතට අදාළව සහ අනාගතයට අදාළව පාසල් මට්ටමෙන් දස්කම් දක්වන ජාතික මට්ටමේ සූර සූරියන් රැසකගේ පුහුණු මධ්‍යස්ථානය වන්නේය.අඩුම තරමේ ඒ අය වෙනුවෙන් එහි ඇතුළත ධාවන පථ දෙක හෝ කෘතිම ධාවන පථ කර සකස් කරන්නේනම් අර්බූදයක් නොවන්නට පිටතින් තව මීටර් 400 සටහන් වන ආකාරයට ධාවන පථ දෙකක් යෙදීම අපහසු නැත.ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් රටක් මීට වඩා වියදම් දරන්නේ එය රටේ භූ දේශපාලන බලය තහවුරු කරන සහ ලෝකයට දනවන එක් පියවරක් වන බැවිනි.එවැනි වියදමක් මෙන් සිය ගුණයකට වඩා වියදමක් නිරාජ් චොප්රා වෙනුවෙන් වැය කරන්නට ඇත.ඔලිම්පික් පදක්කමකින් රටකට ලැබෙන බර ඒ ඇසුරෙන් සොයා ගන්නට හැකිය.

මේ සියල්ල ශ්‍රි ලංකා ක්‍රිකට් වෙත යෝජනා කිරීම වැරදිය.නමුත් ක්‍රිඩා අමාත්‍යංශය ඒ දේ කරන්නට යෝජනා කිරීම පලක් නැත.තරුශිව දුර තියා හඳුනාගෙන අඩුම තරමේ සංචාරයකට ගුවන් ටිකට් පක වියදම හෝ දරන්නට ඇමතිවරයාට උපදෙස් දෙන අයෙක් නොසිටියේය.කණිෂ්ඨ ආසියාතික මලල ක්‍රිඩා සූරතාවලියේදී ඉසව්වකින් ඉසව්වකට සූදානම් වන සුළු වේලාව තුළ පුහුණුකරු සුසන්තට තර්හි ගැන බලන්නටවත් වූයේ නැත.ඒ කණ්ඩායමට නම් කළ අතින් වියදම් කරගෙන යන පුහුණුකරු ඉවත් කර ඒ කාර්යය සුසන්ත පිටම පැටවීමට ජාතික ක්‍රීඩා සභාවේ පිරිස කටයුතු කළ බැවිනි.අතින් වියදම් කරගෙන ගොස් සිටි පුහුණුකරුවන් කිහිප දෙනෙකුම ඇයව වහා වහා ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට කටයුතු නොකරන්නට තරුශි සම්බන්ධ ඉතිහාස කතාවේ දීප්තිය තව මදක් අඩු වී තිබෙන්නට තිබිණි.
එසේම එම සංචාරය මොහොතේ පාසල් ශිෂ්‍යාවන් වන තරුශි,උත්තරා වැනි ක්‍රිඩිකාවන් ගණනනාවකටම ඔවුන්ට ඇති නීතිමය අයිතියක් සහ රැකවරණයක් වන අධ්‍යාපන අමාත්‍යංශයෙන් පත් කර එවන කාන්තා කණ්ඩායම්භාර නිලධාරිණිය වූ හිටපු ක්‍රීඩිකාවක සහ වත්මන් පුහුණුකාරියක සහ ක්‍රීඩා ගුරුවරියක වන සුනේත්‍රා කරුණානායකව ඉවත් කර දැම්මේ ක්‍රිඩා අමාත්‍යංශයය.අමාත්‍යවරයා ඒ සඳහා අනුමැතිය දුන්නේය.සුනේත්‍රා සහ එම සංචාරය සඳහා අතින් වියදම් කර ඇදුම් පවා සකසා දුන් මලල ක්‍රිඩා සංගමයේ උප සභාපතිවරයෙක් වූ කළමණාකරු ලෙස නම් කර තිබුණු ඉන්දික ප්‍රසන්න ඉවත් කර මලල ක්‍රිඩා සංගමයට ලිපිය ලැබෙන්නේ එම සංචාරය යන දා පෙරවුරවේය.ඒ වන විට සුනේත්‍රා සිටියේ සංචාරය යාම සඳහා රෙදි පිළි රැඟෙන කොළඹ පැමිණය.ක්‍රිඩා අමාත්‍යංශය ඇත්තටම මලල ක්‍රිඩාවට දැක් වූ සැළකිල්ල එබඳුය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මීට පෙර යොවුන් තරගාවලියේ සංචාරය වෙනුවෙන් දුන් මුදල ක්‍රිඩා අමාත්‍යංශය හරහා දෙන ලෙස දන්වා එය ගෙන්වා ගෙන මලල ක්‍රීඩා සංගමයට ලබා දුන්නේ මීට මාසයකට පමණ පෙරය.ඒ මලල ක්‍රිඩාවට අමාත්‍යංශය දැක් වූ සහයේ හැටිය.මේ තත්ත්වය නිසා මලල ක්‍රීඩාව ගැන ක්‍රිකට්වලට උණු වුණොත් වැටෙන්නට කිරි තිබෙන බව දැනෙන නිසාත්,අමාත්‍යංශයට ඇත්තේ වැහිරුණු කිරි නැති දෙතනක් බව භාවිතාවෙන් දැක ඇති නිසාත් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම මලල ක්‍රීඩාවට ආදරය කරන සභාපතිවරයාවත් ඉලක්ක කරගෙන මෙය සටහන තැපීමට අපි තීරණය කළෙමු.
මීට පෙර ද ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ආධාර දෙද්දී පුහුණුකරුවන් හැලී ගිය බව අපි දුටුවෙමු.අඩුම තරමේ තරුෂි ගැන සැළකිල්ල යොමු කිරීමේදී සුසන්ත ගැනත් සිතන්නට ශ්‍රි ලංකා ක්‍රිකට්වලට හිතෙන්නේනම් සහ දැනෙන්නේනම් වැදගත්ය.ඔහුගේ පුහුණුකාරිය මීටර් 800 සම්බන්ධයෙන් ඓතිහාසික එකක්ය.මේ පළමු අවස්ථාව නොවේය.එහෙත් මෙය වඩා වැදගත් සහ දුෂ්කර අවස්ථාවක්ය.ඔහු ගේ ජීවිතයේ කොටසක් වී සිටින බිරිඳගේ අසනීප තත්ත්වය නිසා සුසන්තට ගෘහණියකගේ කාර්යෙන් ද වැඩි කොටසක් ඉටු කරන්නට පැවරී ඇත.මේ තත්ත්වයන්ට මුහුණ දෙමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවට වැය කරන තරමටම දුෂකර වෙහෙසකට මුහුණ දෙමින් ඔහු මේ කාර්යය ඉටු කරන්නට මැදිහත් විය.
ඇත්තටම තරුෂි විදේශයකට යවනවානම් මේ රටේ පාලකයන් අසනීපයෙන් සිටින බිරිද ද බැංක සේවිකාවක් ලෙස කරන රාජකාරියෙන් වැටුප් සහිතව නිදහස් කරන්නට මැදිහත් විය යුතුය.නීතියේ නැි අවස්ථා විශේෂ කොට සකසා ගන්නා දේශපාලකයන්ට මේ තත්ත්වයේදී විවේචන නැතුව එකඟ වෙන්නට හැකිය.සුසන්ත වෙනුවෙන් ද ඒ දේ කළ හැකිය.රටකට පදක්කමක් යනු වටිනාකමක් ඇති දෙයක්නම් එය රටේ භූ දේශපාලන අනන්‍යතාවයේ පරිමාව පුළුල් කිරීමක් කියා දැනෙනවානම් එය කළ යුතු සහ හැකි වැඩකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අප අවධානය යොමු කරමින් ලියූ මේ සටහනේ අගට ක්‍රිඩාවට අදාළ රාජ්‍යමය ක්‍රියාපදයේ හැසිරීම මෙන්ම අවසානයට තරුශි ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට යාමේ අවධානමද ලිවිය යුතුය.ඉගෙනගන්න මිස ක්‍රිඩා කරන්න එහි ඇති ඉඩ කෙටිය.පොත ඉගෙන ක්‍රිඩාව කරන අයට එහි තනතුරුවල ඇකි ඉඩ වැඩි නිසාම,ක්‍රිඩා කරන්නට ඇති අයට ඒ සිද්ධාන්ත කට පාඩම් කර විභාගයට ලියන්නට වීමත්,ක්‍රිඩා කරන අයට එහිදී අධාපනයට සිඳුවන පාඬුව නිසා ප්‍රායෝගිකත්වය යම් ආකාරයකට අහිමි කිරීමත් සිඳුවන්නේය.ක්‍රිඩකයෙක් සිටින තැන ඔහුට හෝ ඇයට පහසු විදිහට ජාතික මට්ටමේ ක්‍රිඩා දස්කම් සළකා වෙනස් කර දෙන ආකාරයේ ව්යහුයක්ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමෂන් සභාවට නැත.ඒවා හරි ආඩම්බර තැන්ය. ක්‍රිඩාව සෙල්ලමක් ලෙස දන්නා මහාචාර්යවරු සිටින තැනෙක ඒවාට ඉඩ දී සෙල්ලම් කරන්නට ඒ උතුමන්ලා අකමැතිය.
නමුත් මේ මොහොතේ සිටින සම්පත් අමරතුංග දන්නා තරමින් හොඳ ක්‍රීඩා ලෝලියෙක්ය. ක්‍රිඩා ප්රේමියෙක්ය.මේ ලියුම්කරුම ලියූ සටහනකට අනුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිටියදී මේ මොහොතේ ආසියානු ක්‍රිඩා උළෙල නියෝජනය ගිය කණ්ඩායම් නායිකාවද වන ගයන්තාකා අබේරත්නගේ අක්කා වන නිලංකා සංජීවනීට විශේෂ දිමනාවක් පවා සකස් කළේය.ඒ නිසා ක්‍රීඩාවට වැට බැදෙන ඔළුගෙිඩි ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් කර ක්‍රිඩාවට උසස් අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ ප්‍රායෝගික ඉඩක් දෙන හැටි සහ ක්‍රිඩාවෙන් සරසව් සිසුන්ගේ ජවිතවලට දැනට වඩා අලෝකයක් එන හැටි සකස් කිරීම සම්පත් අමරතුංගගේ අවදියේම ඉටු වන්නේනම් කදිමය.එයට ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමඟ සහ සම්බන්ධය දියුණු කරමින් දක්ෂයන් වැඩි පලදායි තැන්වලට යොමු කළ හැකි වාතාවරණයක් තනන්නටත් එය භාවිතයට ගත හැකිය.දේශපාලනමය වශයෙන් යම් යම් විවේචන ඇතත් දක්ෂයෙක් සහ ප්‍රායෝගික මනුස්සෙක් ලෙස සම්පත් අමරතුංගට ඒ දේ කළ හැකි බව අපි විශ්වාස කරන්නෙමු.
ශම්මි සරලම විදිහට කියනවනම් බොහොම ස්තූතියි.අඩුම ගාණේ ලොකු ලොකු බර බර වැඩිනම් තරුශි තරුවක් කළ මාර්ගෝපදේශනය ට ද ශ්‍රි ලංකා ක්‍රිකට් එළිය වැටෙන්නේම් අපූරුය.අපි බලා සිටින්නෙමු.යහපත් තැනකට ඔබේ වීසිකිරීමේ හැකියාව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතය නිසි එල්ලයට පතිත කරන්නට දෙන සහයට ගරු කරන්නෙමු.
සටහන – නිෂ්මං රණසිංහ
