සති දෙකෙන් ඔක්කොම කරන්න බෑ. හොරු අල්ලද්දී නහයෙන් අඬන්න එපා – ටිල්වින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම ආණ්ඩුව අධිකරණ ක්‍රියාමාර්ග හරහා නීත්‍යානුකූලව හොරුන් අල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියනවා ඔබතුමාලා හොරු අල්ලන්න ආවාට ඇල්ලුවෙ නෑ කියලා. මොකක්ද ඒ ගැන කියන්නෙ ?

“අපි ඒගොල්ලන්ට කියනවා හොරු අල්ලද්දී කෑගහන්නෙ නැතිව ඉන්න කියලා. මොකද අපි ආණ්ඩුව හදලා සති දෙකයි. සති දෙකෙන් ඔක්කොම බලාපොරොත්තු ඕනෙ නෑ. අපි හොරු අල්ලන්නෙ නීත්‍යානුකූලව, දේශපාලන පළිගැනීම් නෑ. ඒ නිසා අධිකරණයේ නියෝග මත නඩු පවරලා හොරු අල්ලනවා. එතකොට අපි ඒගොල්ලන්ට කියනවා අර නහයෙන් අඬන්න එපා කියලා ‘මෙන්න අපිව අරන් යනවා’ කියලා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති චේ ගුවේරා සමරුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...

ඉන්දියාව සිව්වන තරගයත් ජය ලබයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: කඩුලු 2 ක් දැවී...