ක්‍රිෂ් වංචාවට අදාළ නඩුව කැඳවීමට දින දෙයි!

Date:

කොළඹ LNW:ක්‍රිෂ් සමාගම මගින් ඉදිකරන නිවාස සංකීරණයේ නිවාස ඒකක දෙකක් ලබා දෙන බව පවසා රුපියල් මිලියන 67 මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාළ නඩුව ලබන ජනවාරි 22 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (08) නියෝග කළාය.

ඒ එම ව්‍යාපෘතියට ආයෝජකයෙක් ගෙන්වීමට මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව විත්තිය වෙනුවෙන් කරුණු දක්වමින් නිතිඥ මඩුල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.

එම එකගතාවය පළ කර ඇත්තේ චීන සමාගමක් බව අධිකරණයට දන්වා සිටි නිතිඥ මඩුල්ල එම සාකච්ඡා සාර්ථක වුවහොත් මෙම ව්‍යාපෘතියට අදාළ සියලු ගනුදෙනු භාර ගැනීමට ඔවුන් කැමැති කරවා ගැනීමට අපේක්ෂා කරන බවයි අධිකරණයට දන්වා සිටියේ.

එසේ කැමති වුවහොත් අදාල ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කළ පිරිසට මුදල් හෝ අදාළ නිවාස ලබා ගත හැකි බව අධීකරණයට දැනුම් දුන් නිතිඥ මඩුල්ල සමථයකට එළඹීමට හැකිදැයි බැලීම සඳහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙස ඹවුන් අධීකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාර ක්‍රිෂ් සමාගමට සහ එහි සභාපති ඉන්දීය ජාතික අමිත් ක්ට්යාල්ට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවන අවස්ථාවේදී විවෘත අධීකරණයේ එක සහ දෙක සැකකරුවන්පෙනී නොසිටීම හේතුවෙනි.

එහි තෙවන සැකකාරිය වන එම සමාගමේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන නඩුව කැඳවන අවස්ථාවේ විවෘත අධීකරණයේ පෙනී සිටියාය.

එමෙන්ම ක්‍රිෂ් සමාගමට සහ එහි සභාපති ඉන්දීය ජාතික අමිත් ක්ට්යාල් යන අය නොමැතිව 192 පියවර යටතේ නඩුව විමසීමට පියවර ගන්නා ලෙස පෙර දිනයේ මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...