අපි එඩිතර විපක්ෂයක් හදනවා – දිලිත්

Date:

කොළඹ LNW:එඩිතර විපක්ෂයක් නිර්මාණය කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඔවුන් නියෝජනය කරන සර්ව ජන බලය සන්ධානයේ අද (09) පැවති මාධ්‍ය හමුවේදීය.

සර්ව ජන බලය මහ මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් නව සංවිධායකවරුන් පත් කිරීම දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

සර්ව ජන බලයේ පාර්ශවයක් ලෙස කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා එළඹෙන මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සහය පළකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා පැවසුවේ වාසුදේව මහතාගේ ඉවත් වීම ගැටළුවක් නොවන අතර ඔහුට ජන පදනමක් නොමැති බවයි.

කෙසේවෙතත් ලංකාවේ දේශපාලනයේ සාධනීය වෙනසක් සිදුකරන බවද ජයවීර මහතා කියාසිටියේය.

පවතින ව්‍යවස්ථාව අනුව ජයග්‍රාහී කණ්ඩායමට පාර්ලිමේන්තු නිර්මාණය කර ගැනීමට ඉඩ දිය යුතු අතරම නැවුම් දේශපාලනයක් ආරම්භ කිරීම සඳහා එඩිතර ,නිර්මාණශීලි විපක්ෂයක් අවශ්‍ය බවද ජයවීර මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...