මෛත්‍රී ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරීම වලක්වමින් හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව සඳහන් වේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හා විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට නියම කර ඇත.

නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුන් විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , සාරථි දුෂ්මන්ත,ෆයිසර් මුස්තාපා හා සරත් ඒකනායක,කේපී ගුණවර්ධන හා හෙක්ටර් බෙත්තමගේ යන මහත්වරු විත්තිකරුවන් කරමින් පසුගිය අප්‍රේල් මාසයේදී පැවරු නඩු තුනක් සලකා බැලීමෙන් පසුවයි මෙම තහනම් නියෝග නිකුත් කර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී පැනවූ වාරණ නියෝග තහවුරු කරමින්  මෙම අතුරු තහනම නිකුත් කර ඇත.

2024 මාර්තු මස 30 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව රැස්වී ගත් තීරණ අනුව පැමිණිලිකරුවන් විසින් දරන තනතුරු විත්තිකරුවන් වන සරත් ඒකනායක,කේපී ගුණවර්ධන හා හෙක්ටර් ට බෙත්තමගේ යන අයට ලබාදීමට ගත් තීරණය නීති විරෝධී හා අත්තනෝමතික බවට තීන්දුවක් ඉල්ලා මෙම නඩු තුන පවරා තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ප්‍රාර්ථනා දයානන්ද හා සචනා පෙරේරා මහත්මීහු අධිකරණයේ පෙනී සිටි අතර, නඩුව ඉදිරියට පවරා පවත්වාගෙන යෑමට විත්තිකරුවන්ගෙන් උපදෙස් ලැබී නොමැති බව නීතිඥවරියක් අධිකරණයේ ඉදිරියේ කරුණු දක්වමින්  ප්‍රකාශ කළ ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා පසුගිය අප්‍රිල් මාසයේදී ලබා දුන් වාරණ නියෝගය සම්බන්ධයෙන් විත්තිකරුවන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් අතුරු තහනම් නියෝග නිකුත් කරමින් නඩුව ඒක පාක්ෂික විභාගයට දින නියම කර තිබෙන බව පැවසේ.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටින අතර විත්තිකාර නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙනුවෙන් නීතිඥ අමිල පෙරේරා,නීතිඥ සංජීව කළු ආරච්චි මහත්වරුන් පෙනී සිටි අතර, නඩුව ජනවාරි 16 දින යළි කැඳවීමට නියෝග කෙරුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...