මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩාවේ මිලියන ගණනක් ඉවත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෑත වසරවලදී උතුරු අත්ලාන්තික් සාගරයේ ඇති වූ බලවත්ම සුළි කුණාටුව වශයෙන් හඳුනාගන්නා මිල්ටන් සුළි කුණාටුව අද(09) රාත්‍රියේදී ෆ්ලොරිඩාවට පැහැර දෙනු ඇතැයි ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) නිවේදනය කර තිබේ.

NHC මෙය අතිශයින්ම භයානක පස්වන ඛණ්ඩයේ සුළි කුණාටුවක් වශයෙන් හඳුනා ගන්නා අතර මෙමඟින් පැයට සැතපුම් 165 (පැයට කිලෝමීටර් 270) දක්වා දරුණු සුළං ධාරානිපාත වර්ෂාව, හදිසි ගංවතුර මෙන්ම රළ අඩි 10-15 (මීටර් 3-4.5) දක්වා ඉහළ යා හැකි අතර දේශීය වර්ෂාපතනය අඩි 1.5 දක්වා අපේක්ෂා කෙරේ.

සුළි කුනාටුව හේතුවෙන් මිලියන තුනකට වඩා වැඩි ජනගහනයකට ආරක්‍ෂිත ස්ථාන වෙත යා යුතු බවට බලධාරීන් විසින් අනතුරු අඟවා ඇති අතර ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, වසර ගණනාවක් තිස්සේ රාජ්‍යය එහි විශාලතම ඉවත් කිරීමේ උත්සාහය සිදු කරන බැවින්, පිටවීම “ජීවිතය සහ මරණය” පිළිබඳ කාරණයක් බවයි.

Florida, Georgia, South Carolina, Tennessee, Virginia සහ North Carolina හරහා අවම වශයෙන් පුද්ගලයින් 225 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින්, හතරවන කාණ්ඩයේ කුණාටුවක් ලෙස ගල්ෆ් වෙරළ තීරයට හෙලේන් සුළි කුණාටුව පහර දී සති දෙකකටත් අඩු කාලයක් තුළ මිල්ටන් කුණාටුව පැමිණ තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...