ජනාධිපතිවරණයේදී මෙන් මහ මැතිවරණයේදීත් අප ගැන විශ්වාසය තබන්න!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණයේදී විශ්වාසය තැබුවා සේ එළඹෙන මහ මැතිවරණයේදී ද ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබන ලෙස එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසයි.

රටේ ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අත්කර දීම වෙනුවෙන් වූ සියලු කරුණු කාරණා ඉදිර වසර පහ තුළ සපුරන බවයි අබේසිංහ මහතා සඳහන් කරන්නේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම ශක්තිමත් ජනතාවට විශ්වාස කළ හැකි කණ්ඩායම් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කර තිබෙන බව ද ඔහු කියා සිටියි.

මෙතෙක් කාලයක් ජනතාව බලාපොරොත්තු වූ සමාජ පරිවර්තනය සඳහා කැප වුණු නායකත්වයක් සැපයීමට හැකි ආණ්ඩුවක් ගොඩනගන බවයි නිහාල් අබේසිංහ මහතා අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...