FREE LAWYERS : ආණ්ඩුවේ මර්දනයට එරෙහිව රනිල් අලුත් වැඩකට සැරසෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා, ජ්‍යේෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක, ජ්‍යේෂ්ඨ නීතීඥ සංජීව ඇන්තනි ඇතුළු පිරිසක් ඊයේ (08) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ, “Free Lawyers” නමින් නීති උපදේශන ලබාදීමේ විශේෂ වැඩසටහනක් සකස් කිරීම සඳහා ය.

වත්මන් ආණ්ඩුව ගෙනයන මර්දනකාරී වැඩපිළිවෙල හමුවේ පීඩාවට පත්වන දේශපාලන ක්‍රියාකාරිකයින්ට අවශ්‍ය නීති උපදෙස් නොමිලේ ලබාදීම සඳහා මෙම විශේෂ වැඩසටහන සකස් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම මෙම සාකච්ඡාව සඳහා තවත් ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් කිහිපදෙනෙකු ද සහභාගී වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...