හොඳට මතක තියාගන්න. අපිව වට්ටන්න බෑ, අපට අළු මතින් නැගිටින්න පුළුවන් – ජොනී (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැට්ටවීමට ඇතැමුන් උත්සාහ කළත් එම පක්ෂය යනු අළු මතින් නැඟී සිටීමට හැකි පක්ෂයක් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ ශක්තිය තම පක්ෂයට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා නිසා බව පැවසූ හිටපු අමාත්‍යවරයා තමන් කිසිදා පක්ෂය දමා පැන නොයන බවත් අවධාරණය කළේය.

පසුගිය සමය තුළ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කුමන්ත්‍රණ ගණනාවක්ම සිදුකෙරුණු බව සිහිපත් කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වන ලෙස ඒ මහතාට පැවසුණු අවස්ථාවේ පවා එසේ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති තනතුරත් අහිමිවන බව තමන් පෙන්වා දුන් බවත් සිහිපත් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත නැඟී සිටීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව පැවසූ ඒ මහතා මන්ත්‍රීවරුන් එකාපිට එකා මරා දැමුවත් තමන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන බවයි සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...