*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/09

1. හිටපු අග්‍රාමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පළමු වරට ජනතාව අමතයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන බව පවසයි.

2. MV X-Press Pearl නෞකාවෙන් සිදුවූ සමුද්‍ර පරිහානියට ඇ.ඩො. බිලියන 01 ක වන්දියක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බව ආර්ථික විශේෂඥයන් සහ සමුද්‍ර නීති විශාරදයන්ගේ ඇස්තමේන්තු වලින් පෙන්වා දෙයි – මීට අදාළ වන්දිය රජයට ලැබෙන විට, එය මහ බැංකුවේ සංචිත ශක්තිමත් කරනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.

3. පොලී අනුපාත පහත හෙලීමේ ප්‍රයද්නයක් ලෙස ශ්‍රී ලංකාව තැන්පතු අනුපාත සීමාවන් පැනවීමට කටයුතු කරනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – පාරිභෝගික භාණ්ඩ සඳහා මිල පාලනයන් පැනවීමට කටයුතු කරන බව ද පවසයි – මෙවන් සැලසුමක් පිළිබඳව තමා දැනුවත් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි!

4. ආර්ථිකය ස්ථායී බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි – 2023 වන විට දැඩි ආර්ථික ප්‍රතිසාධනයක් ඇතිවන බවට සපථ කරයි – කෙසේවෙතත් උද්ධමනය සියයට 8.5 ක සෘණ වර්ධනයක් යටතේ සියයට 70 දක්වා ඉහළ ගොස් ඇති බව නිල වාර්තා පෙන්වා දෙයි – භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 32 ඉක්මවයි – බිල්පත් නිකුතුව (මුදල් මුද්‍රණය) දිනකට රු. බිලියන 3.4 (මීට ඉහත දී රු. බිලියන 2.2) – ශ්‍රී ලංකා රුපියල ලෝකයේ කඩා වැටුණු මුදල් ඒකක අතර තුන්වන ස්ථානයේ! – ඉන්ධන නිකුත් කිරීම සීමාවෙයි, යටිතල පහසුකම් ව්‍යාපෘති නවතා දමා ඇත.

5. ශේෂය ගෙවීමට ශ්‍රී ලංකා බලධාරීන් අසමත් වන්නේ නම්, ඉන්ධන සැපයුම නවතා දමන බවට ඉන්ධන සැපයුම්කරු BB Energy අනතුරු අඟවයි – මෙමඟින් රටතුළ පවතින ඉන්ධන අර්බුදය තවදුරටත් උඝ්‍ර කරයි!

6. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) හමුවේ ලබාදුන් ප්‍රතිඥා ඉටුකරන බවට අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන පවසයි – තවමත් රැඳවුම්භාරයේ සිටින හිටපු LTTE සාමාජිකයන් නිදහස් කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමේ ක්‍රියාවලියේ අවසන් අදියරට පැමිණ ඇති බව ද පවසයි.

7. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) හමුවේ ලබාදුන් ප්‍රතිඥා ඉටු කිරීමට අසමත් වීම හේතුවෙන් එහි සහයෝගය ලබා ගැනීමට අසමත් වූ බව හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසයි – කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මැලේසියාව පවා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව සිහිපත් කරයි.

8. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙදින විවාදය සහ ඡන්දය ප්‍රමාද කිරීම හමුවේ පාර්ලිමේන්තු ක්‍රමය කෙරේ ඇති ජනතා විශ්වාසය තවදුරටත් පළුදු වනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අනතුරු අඟවයි.

9. ශ්‍රී ලංකාව ‘මධ්‍ය-ආදායම් ලබන රටවල්’ කාණ්ඩයේ සිට ‘අඩු-ආදායම් ලබන රටවල්’ කාණ්ඩය දක්වා පහත දැමීමේ යෝජනාව සලකා බැලීමට කැබිනට් මණ්ඩලය සූදානමක – මෙමඟින් ලෝක බැංකුවේ සහන අරමුදල් ලබා ගැනීමට අපේක්ෂා කරයි.

10. කොවිඩ් වලට එරෙහි ෆයිසර් (Pfizer) එන්නත් තොගයේ කල් ඉකුත් වීමේ දිනය (2022 ඔක්. 31) දිනෙන් දිනම ළඟා වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවයි – මිලියන 07 කට ආසන්න මාත්‍රා ප්‍රමාණයක් තවමත් භාවිතයෙන් තොරව පවතින බව අනාවරණය කරයි – එන්නත කල් ඉකුත් වීමට පෙර තම පළමු හෝ දෙවන බූස්ටර් මාත්‍රාව හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙස ජනතාවට පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan