රාජපක්ෂලාගේ මිනී පෙට්ටියට අන්තිම ඇනේ ගහන්න දුන්නේ නැත්තේ රනිල් – මුජිබර් (VIDEO)

Date:

එකට එක්ව රටක් විනාශ කර දැන් යළි නැගිටින්න නොව දැන් කියන්න ඇත්තේ එක්ව පලයල්ලා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

එදා ජූලි 09 වෙන විට රාජපක්ෂලාගේ මිනී පෙට්ටියට අන්තිම ඇනය ගැසීමට තිබියදී එය වළක්වාලූයේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ විසින් ඔවුන්ව බේරා නොගත්තේ නම් එක්ව නැගිටින්න හදන කතා කිසිවක් කීමට අවස්ථාවක් නැති වන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහව හදාගත් බවට දැන් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරමින් තිබෙන අතර මහින්ද රනිල්ව හදාගැනීමට අරන් බොහෝකල් වන බවත් යහපාලන ආණ්ඩුව සමයේදීත් රාජපක්ෂලාට එරෙහි නඩු වලින් රාජපක්ෂලාව බේරාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රණ කළ හැටි එදා කණ්ඩායම් රැස්වීම වලදී පෙන්වාදුන් බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...