DW මීළඟ සම්මුඛ සාකච්ඡාව සජිත් සමග !

Date:

ජර්මනියේ DW රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජර්මන් සංචාරය අතරතුර මෙම රූපවාහිනී නාලිකාව ඒ මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් සිදුකර තිබුණු අතර එය පසුගියදා මහත් ආන්දෝනයට ලක්විය. ඒ, ජනාධිපතිවරයා එහිදී බටහිර රටවල් අප වැනි රටවල් සම්බන්ධයෙන් දක්වන ආකල්ප දැඩි ලෙස විවේචනයට ලක් කළ නිසා සහ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියාව ද දැඩි විවේචනයට ලක් කරමින් කේන්තිගත් ස්වභාවයකින් කටයුතු කිරීම නිසා ය.

ඉන් අනතුරුව එම නාලිකාව ජනාධිපතිවරයාගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ද සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් එය නුදුරේදීම සිදුවනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...