ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ වැඩි ආකර්ශණයක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය 2023 දී සලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම වසරේ මුල් මාස නවය තුළ ඩොලර් බිලියන 1.5 කට ආසන්න ආදායමක් උපයා ඇති අතර, මිලියන 1.01 කට අධික සංචාරකයන් පිරිසක් මෙරටට පැමින ඇත.

මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව 2023 තුන්වන කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.45 ඉක්ම වූ බව සඳහන් වේ. එය පසුගිය වසරට වඩා 67% ක දැවැන්ත වර්ධනයක් බව කිව යුතුය.

සැප්තැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 152.2 ක් ඉපයූ නමුත් අගෝස්තු මාසයේ සංචාරකයන්ගේ පැමිණීම 28% ක අඩුවීමක් දක්නට ලැබුණි. මාසයෙන් මාසයට සංසන්දනය කිරීමේදී, අගෝස්තු සහ සැප්තැම්බර් යන දෙකම සංචාරකයන්ගේ මාසික පැමිණීමේ ඉලක්කයට වඩා අඩු වී ඇත. ජූලි මාසයේ කැපී පෙනෙන වෙනසක් සිදු වූ අතර, ඩොලර් මිලියන 219 සංචාරක ආදායමක් උපයා එය 2023 වසරේ වැඩිම මාසික ඉපැයීම බවට පත් වී ඇත.

සංචාරක හෝටල් කර්මාන්තයේ ඇතැමුන් තර්ක කරන්නේ, ජුනි මාසයේ අවම කාමර ගාස්තුව (MRR) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, සංචාරක හෝටල් කර්මාන්තයේ ආදායම් ප්‍රවාහයන් කෙරෙහි දැඩිව බලපෑ අතර සංචාරක ඉපැයීම්වල කැපී පෙනෙන පහත වැටීමක් මෙම දත්ත මගින් පෙන්නුම් කරන බවයි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සැලකිය යුතු අභියෝගවලට මුහුණ දුන්නද, එම කුණාටුවලට මුහුණදීමෙන් පසු තව තවත් ශක්තිමත් වී ඇත ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය යළි නැගී සිට ඇත.

2023 වසරේ පළමු මාස ​​නවය තුළ මිලියන 1.01 ක සංචාරක පැමිණීමක් කරා ළඟා වූ අතර, 2022 දී එය 29,802 ට වඩා අඩුවීම මෙහි කැපී පෙනෙන වෙනස පෙන්නුම් කරයි.

සර්ව ශුභවාදී ආකල්පය ඇතිව, ඉදිරි වසරවල දී ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ක්‍ෂේත්‍රය තවදුරටත් නගා සිටුවීමටත්, අර්බුදටෙන් යළි හිස එසවීමට දැඩි උත්සාහයක නිරත වී සිටී.

මිලියන 1.55ක පමණ සංචාරක පැමිණීමක් සහ වසර අවසාන වන විට ඩොලර් බිලියන 3කට අධික ආදායමක් උපයා ගැනීමේ ඉලක්කය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන අපේක්ෂාවයි.

මෙම ඉලක්කය සපුරා ගනීම සාක්ෂාත් කර ගැනීමෙන් සංචාරක කර්මාන්තය නවත සාර්ථක ගමන් මගකට පිවිසෙනු ඇතැයි ” විශ්ලේෂකයෝ පවසති.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...