සටහන – රුවන් නෙළුගොල්ල
මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් රැසක් එක්ව “මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමය” පිහිටුවා තිබේ.
ඒ, පෙරේදා (08) ඔවුන් කොළඹදී රැස්වීමෙන් අනතුරුව ය.
මත්පැන් නිෂ්පාදකයින් මුහුණ දෙන ගැටලු විසඳාගැනීමේ අරමුණින් යුතුව මධ්‍යම පරිමාණයේ මත්පැන් නිෂ්පාදන සමාගම් එක්ව මෙම සංගමය පිහිටුවා ඇති අතර එහි සාමාජිකත්වය ලබාගෙන ඇති සමාගම් ගණන 08 කි. ඒ අනුව ඩබ්ලිව්. ඒ. මෙන්ඩිස් සමාගම හැර අනෙකුත් සියලුම මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් මෙම සංගමයට එක්ව සිටිති.
ඉදිරියේදී නව සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර මහතා සහ මුදල් අමාත්‍යවරයා හමුවී මත්පැන් නිෂ්පාදන කර්මාන්තය මේ වනවිට මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද එම සංගමය තීරණය කර ඇති බව සඳහන්.
