දුරදිග ගිය මුද්දරේට තැපැල්පති උත්තර බදියි!

Date:

කොළඹ LNW:ඊයේ (09) දිනට යෙදී තිබුණ තැපැල් දිනය නිමිත්තෙන් අගමැතිවරියගේ හා විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් නොකළ බවත් ඔවුන්ට ලබා දුන්නේ සමරු තිළිණ දෙකක් බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා අවධාරණය කළේය.

තැපැල් දිනයට සමගාමීව නිකුත් කර ඇත්තේ අගමැතිවරියගේ හා විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර බවට ඊයේ දින සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල සංවාදයක් ගොඩනැගී තිබුණ අතර ඊට පිළිතුරු දෙමිනුයි තැපැල්පතිවරයා මේ බව අද (10) මාධ්‍ය වෙත පැවසුවේ.

සැමරුම් මුද්දර ලබා දීම සාමාන්‍යයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ සිදුවන දෙයක් බවයි තැපැල්පතිවරයා කියාසිටියේ.

”අපි අමාත්‍යවරයාට සහ අග්‍රාමාත්‍යවරියට සැමරුම් තිළිණ දෙකක් දුන්නා. ඒක පුද්ගලකාරක එකක්. ඒක සාමාන්‍යයෙන් අපි දෙපාර්තමේන්තුවට එන කෙනෙක්ට දෙන එකක්. සාමාන්‍යයෙන් විශේෂ කෙනෙක් ආවාම අපි මේ වගේ සිහිවටනයක් දෙනවා. පන්සලකට ගියාම බුදු පිළිමයක් ලබාදෙනවා වගේ අපේ දෙපාර්තමේන්තුවට පැමිණෙන විශේෂ කෙනෙක්ට අපි මෙහෙම සැමරුමක් දෙනවා.” යනුවෙන් තැපැල්පතිවරයා තවදුරටත් සඳහන් කළේය.

ලෝක තැපැල් දින නිමිත්තෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී එම සැමරුම් උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ලෝක තැපැල්දින සමරු මුද්දරය සහ විශ්වතැපැල් සංගමයේ 150 වන සංවත්සරව සමරු මුද්දරය නිකුත් කෙරුණි.

ප්‍රධාන ආරාධිතයන් දෙපල වෙත ඔවුන්ගේ රුව සහිත පුද්ගල කාරක මුද්දර ඇතුළත් සමරු තිළිණ දෙකක් ප්‍රදානය කිරීම සිදුකෙරුණ අතර සමාජ මාධ්‍ය තුළ වැරදි අර්ථගැන්වීමක් ලබා දී තිබුණේ එම සැමරුම් මුද්දර සම්බන්ධයෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...