ටී. බී. සරත්ට උසස්වීමක්. ආර්ථික සංවර්ධනය හිටපු සුරාබදු කොමසාරිස්ට !

Date:

අමාත්ය මණ්ඩල සංශෝධනයේදී ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි ආචාර්ය අනිල් ජයන්ත මහතාව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කර ඇති අතර ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදී ඇත්තේ යූ. ඩී. නිශාන්ත ජයවීර මහතාට ය.

කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන නිශාන්ත ජයවීර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දිගුකාලීන මිතුරෙකු බවත් පැවසේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු වූ ඒ මහතා දේශපාලනයට පිවිසීමට පෙර වත්මන් රජය යටතේම වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ අතර පසුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයකු වශයෙන් ද කටයුතු කළේය.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ටී. බී. සරත් මහතාව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...