දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/10

Date:

  1. වාහන හැර සියලු භාණ්ඩවලට පැනවූ ආනයන සීමා වහා ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: තවතවත් ආනයන සිදුවීම, “hot-money” ආකාරයේ ආයෝජන නික්ම යාම, සහ සිඳී යන විදෙස් සංචිත සමඟ ශ්‍රී ලංකා රුපියල කෙරේ දැවැන්ත පීඩනයක් එල්ලවනු ඇතැයි විශ්ලේෂකයෝ බිය පළකරති.
  2. විශ්‍රාම වැටුප් අරමුදල් භාවිතා කිරීම සහ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයෙන් පෞද්ගලික බැඳුම්කර හිමියන් බැහැර කිරීම සේවක අර්ථසාධක අරමුදලේ යහපත සඳහා සිදුවන බව එම අරමුදලේ භාරකරු ලෙස කටයුතු කරන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් පවසා තිබීම හමුවේ ආර්ථික විශ්ලේෂක දනුෂ ගිහාන් පතිරණ සිය විශ්මය පළ කරයි: මෙය දේශීය ආර්ථික විශේෂඥයන් විසින් “සොයාගත්” ණය අර්බුදයට “අද්විතීය විසඳුමක්” වන බවට, හා ලෝකයේ වෙනත් තැන්වල ක්‍රියාත්මකවන ක්‍රියා පටිපාටි ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට මෙරටට දේශීය විශේෂඥයන් අවශ්‍ය නොවන බවට මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය හෙළා දකියි.
  3. මාස 02 කට වැඩි කාලයකට ඉහත සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මතුකළ පැණයකට පිළිතුරු ලබා දීම මුදල් අමාත්‍යාංශය විසින් දිගින් දිගටම කල් දැමීම, රාජ්‍ය ප්‍රතිපත්තිය සහ විනිවිදභාවය පිළිබඳ බරපතල ගැටළුවක් මතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. ගෙවිඳු කුමාරතුංග පවසයි: මහ බැංකු නිලධාරීන්ගේ අර්ථසාධක අරමුදල සඳහා 2022 දී ගෙවන ලද පොලී අනුපාත (29%) සහ එම අරමුදලේ සාමාන්‍ය සාමාජිකයන්ට ගෙවන පොලී අනුපාත (9%) අතර සැලකිය යුතු වෙනසක් ඇති බවට චෝදනා කරයි.
  4. ලබන වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණය කල් දැමීමට රජය සැලසුම් කරමින් සිටින අතර, මැතිවරණ නීති සංශෝධනය කිරීමේ මුවාවෙන් එය සිදු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි: කල් දැමීමට මැතිවරණයක් නැතැයි කියමින් මැතිවරණය පවත්වන මෙන් කළ ඉල්ලීම විහිළුවට ලක් කළ ජනාධිපතිවරයකුගෙන් මැතිවරණයක් බලාපොරොත්තු විය නොහැකි බව ද පවසයි.
  5. ඊශ‍්‍රායලයට මෑත දින එල්ල වූ ප්‍රහාර මාලාව සහ එමඟින් ශ්‍රී ලංකාවේ සහ ඊශ්‍රායලයේ සිටින සිටින ශ‍්‍රී ලාංකිකයන් සහ ඊශ්‍රායල ජාතිකයන්ට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සිය දැඩි අවධානය යොමුකරයි: සියලුම ඊශ්‍රායල ජාතිකයන් ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පිටත් කර හැරීමට අවශ්‍ය පහසුකම් සලසන මෙන් විදේශ අමාත්‍යාංශයට උපදෙස් දෙයි: ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කරන මෙන් පොලිසියෙන් ඉල්ලා සිටියි.
  6. මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමා අපේක්ෂා කරන බව ව්‍යාපාරික සහ පා.ම. ධම්මික පෙරේරා පවසයි: එසේ තරඟ කරනු ලබන්නේ තමාට 51% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවට දේශපාලන පක්ෂ විසින් සහතික කර සිටින්නේ නම් පමණක් බව ද පවසයි: පෙරේරා විසින් ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොවන සමාගම් රාශියක සභාපතිත්වය සහ අධ්‍යක්ෂක ධුරය දාර ඇත: ඔහු ගේ ඩීපී එඩියුකේෂන් (DP Education) වැඩසටහන විසින් දැයේ දූ දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් (විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය) ලබා දෙයි.
  7. නිෂ්පාදන මට්ටම පුළුල් කිරීම සහ මෙරටට විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා කුඩා පරිමාණ ගෙවතු ගොවීන් අතර කපු වගාව ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
  8. ඉකුත් දින ජිනීවා ගිය සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී කතා කිරීමට තිබූ අවස්ථාව මඟහැරී යාම පිළිබඳව එම පක්ෂයේ පා.ම. නලින් බණ්ඩාර සිය කණස්සල්ල පළ කරයි: එම සැසිවාරයට සහභාගී වූ පා.ම. හෙක්ටර් අප්පුහාමිට සැසියේ 45 වන ස්ථානය ලබා දුන් මුත් දවස අවසන් වන විට ඔහුට සැසිවාරයේදී කතා කිරීමට වෙලාවක් නොලැබී ඇති බව අනාවරණය කරයි.
  9. වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට දෙවන වරටත් ලබා දුන් මාස 03 ක සේවා දිගුවේ කාලය අවසන් වීමට පෙර ඔහුගේ අනුප්‍රාප්තිකයකු නම් කිරීමට නොහැකි වූයේ මන් ද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනතාවට පැහැදිලි කළ යුතුව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
  10. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ අද පකිස්ථානය සමඟ පැවැත්වෙන දෙවන ලෝක කුසලාන ක්‍රිකට් තරඟයට තරඟ වැදීමට ඉඩ තිබෙන බව සඳහන්: වෛද්‍ය උපදෙස් මත දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු තරඟයට තීක්ෂණ යොමු නොකිරීමට කටයුතුකළ බව සහකාර පුහුණුකරු නවීඩ් නවාස් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...