හිටපු තවත් රාජ්‍ය අමත්‍යවරයෙකුත් දේශපාලන විරාමයකට!

Date:

කොළඹ LNW:හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව නිවේදනය කරයි.

ජනතාව අපේක්ෂා කළ වෙනසට ඉඩ දී එම කෙටිකාලය තමන්ගේ ඉංජිනේරු වෘත්තියට නැවත ප්‍රවිශ්ඨ වීමටත්,මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්‍යය උපාධිය සම්පූර්ණ කිරීමට මෙන්ම පවුලේ අය සමඟ ගතකිරීමටත් භාවිතා කිරීමටද මම අදහස් කරන බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙටහ්ත් තමන් සිය දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර තමන් විශ්වාස කරන දේශපාලන මතවාදය සමඟද රැඳී සිටින බව ඔහු පවසයි

එම සම්පූර්ණ නිවේදනය

”අපි කවුරුත් දන්නා පරිදි පසුගිය වසර 5 ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් ඉතා දුෂ්කර වසර 5ක් විය.විශේෂයෙන් ශ්‍රි ලංකාව තුළ අප මුහුණ දුන් ආර්ථික අවපාතය සමඟ එය වඩාත් අභියෝගාත්මක විය.

එහෙත් එම ආර්ථික අවපාතයෙන් පසුව ගෙන ආ , ආර්ථික පුනර්ජීවනයේ කොටස්කරුවෙකු වීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙමි.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන්, 2030 දක්වා රටේ ඩිජිටල් මාර්ග සිතියම සකස් කිරීමට හැකිවිය..

අපි දැනටමත් මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර මේ තුලින් රටේ නාස්තිය, දූෂණය තුරන් කිරීමට සහ මහජනතාව සඳහා කාර්‍යක්ශම රාජ්‍ය සේවාවන් ගොඩනැගීමටද හැකි වන ඩිජිටල් පොදු යටිතල පහසුකම් ගොඩනැගීමට මෙම සැලැස්ම උපකාරී වෙනු ඇත. මෙම ක්‍රියාපටිපාටිය නව
රජය විසින් ඉදිරියට ගෙනයනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී රටේ ජනතාවට වෙනසක් අවශ්‍ය විය. එබැවින් මෙම වෙනසට ඉඩ දී එම කෙටිකාලය මාගේ ඉංජිනේරු වෘත්තියට නැවත ප්‍රවිශ්ඨ වීමටත්,මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්‍යය උපාධිය සම්පූර්ණ කිරීමට මෙන්ම පවුලේ අය සමඟ ගතකිරීමටත් භාවිතා කිරීමටද මම අදහස් කරමි.

තවද මා ඉදිරියටත් මගේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමි. මම විශ්වාස කරන දේශපාලන මතවාදය සමඟ එක්ව සිට ගනිමි.

කවදත් ඔබට හිතවත්,
කනක හේරත්!”

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...