කෙහෙළිය ඇතුළු සැකකරුවන්ට අධි චෝදනා – අල්ලස් කොමිසම අධිකරණය දැනුම් දෙයි!

Date:

කොළඹ LNW:රජයේ අමාත්‍ය ධූර දරමින් සිටි අවධියේ පුද්ගලික කාර්ය මණ්ඩලයට හිතවතුන් 15ක් බඳවා ගෙන ඔවුන්ට ගෙවූ වැටුප් සහ අතිකාල දීමනා ලෙස රු. ලක්ෂ අසූවකට අධික මුදලක් ලබාගෙන රජයට පාඩු කර දුෂණය නමැති වරද කර ඇතැයි චෝදනා එල්ල කරමින් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොණු කරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඊයේ (10) එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම එම දැනුම් දීම සිදුකර ඇත.

ඒ අනුව හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල,කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්ව සිටි ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,දියණිය අමාලි නයනිකා රඹුක්වැල්ල සහ නිවසේ සේවිකාව වූ නිපුනි ක්‍රිස්ටජිනා නමැති අයට එරෙහිව අධි චෝදනා ගොණු කරනු ඇති.

මේ අතර පැමිණිල්ලේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටි හිටපු ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වූ නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්තා රජයේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කර ඇති හෙයින් ඔහුව මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නඩුව යළි ලබන ජනවාරි 16 කැඳවීමට නියමිත අතර එදිනට එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...