විපක්ෂයේ සියලු පක්ෂ එකතු කිරීම අපේ අභිප්‍රායයි – වජිර අබේවර්ධන

Date:

කොළඹ LNW:විපක්ෂයේ සියලු පක්ෂ එකට එකතු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ අභිප්‍රාය බව එහි සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ජනතාවගේ පාර්ශවයෙන්ද එම එකමුතුව පිළිබඳ අදහසක් මතුව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළියටද සියලු පක්ෂ ඒකාබද්ධ විය යුතු බවට අදහස් කරන බවද අබේවර්ධන මහතා කියාසිටියි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සමඟ එකට වැඩ කිරීම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ කළමනාකරණ කමිටුව එකඟත්වය පළකර තිබෙන අතර එජාපයේ ස්ථාවරය පිළිබඳවද ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් සමඟි ජන බලවේගය අදහස් කරන පරිදි එම එකතුවේ නායකත්වය දැනටමත් ප්‍රධාන විපක්ෂය ලෙස සමඟි ජන බලවේගය විසින් දරනු ඇතැයි ප්‍රකාශ අකර තිබුණද පොදුවේ නායකත්වය පිළිබඳ අදහසක් මෙතෙක් ප්‍රකාශ වී නොමැත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපරිම මිල නියම කළ ඖෂධ ලැයිස්තුව WWW.NMRA.GOV.LK වෙබ් අඩවියේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : මේ වනවිට ,...

ශ්‍රී ලංකා මහ බැංකුව තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ...

කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...