ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් :19ක් අතුරුදහන් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ යුධෝපකරණ කම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විටත්, පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති අතර, පිපිරීමෙන් බහුවිධ මරණ සිදුව ඇති නමුත් ඇතැමුන් දිවිබේරාගෙන ඇති බවට තමන් විශ්වාස කරන බව, හම්ෆ්‍රීස් ප්‍රාන්ත ෂෙරීෆ් ක්‍රිස් ඩේවිස් ප්‍රකාශ කළේය.

එෆ්බීඅයි සහ මධ්‍යසාර , දුම්කොල, ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය කාර්යාංශයේ විමර්ශකයින් පිපිරීමට හේතුව සොයා පරීක්ෂණ සිදු කරමින් සිටින බව වාර්තා වේ.

අක්කර 1300 ක පමණ භූමි ප්‍රමාණයක් මෙහි පවතින අතර දැවැන්ත ගොඩනැගිලි  ඉදිකර තිබෙන අතර, ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව පරිවාර ගොඩනැගිලි 08 ක් සහ රසායනාගාරයක් ද මෙම පරිශ්‍රයට ඇතුළත් බව වාර්තා වේ.

ඇමෙරිකා රජය සඳහන් කරන්නේ, ප්‍රධාන ගොඩනැගිල්ලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැවතියේ නැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...