විදුලි බිල වැඩි කළොත් පාරට බහිනවා – විපක්ෂ නායක

Date:

කොළඹ LNW: යම්හෙයකින් රජය විදුලි බිල වැඩිකළහොත් මහපාරට බැස ඊට එරෙහිව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදුලි බිල වැඩි කිරිම තුළින් ගෘහයේ, ආර්ථිකයේ පීඩා විදින්නේ මව්වරු සහ කාන්තාවන් බවත් දුක් ගින්නෙන් බඩගින්නෙන් පීඩනයෙන් අසහනයෙන් තැලී පොඩිවී සදාකාලික අනාථ භාවයට ලක් කරන රජයේ මේ දුර්දාන්ත ප්‍රතිපත්ති පරාජය කරන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකයා සඳහන් කළේය.

එහෙයින් ලක්ෂ 220ක් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පෙරට එන ලෙස ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ප්‍රේමදාස මහතා මේ බව කිඔයා සිටියේ අද (11) සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේ දී ශ්‍රීමත් මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකයා පැවසුවේ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවයි.

2020 පෙබරවාරි මාසයේ ලියාපදිංචි වූ සමගි ජන බලවේගය මේ වන විට දුරකථනය ලකුණෙන් මහමැතිවරණ දෙකකට එක් ජනාධිපතිවරණයකට සහ පළාත් පාලන මැතිවරණයකට තරග කර ඇති බවත් අද වන විට සමගි ජන බලවේගයටම පළාත් පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රිවරියන් 1773ක් සිටින බවත් ඉන් 714ක්ම කාන්තාවන් බවත් ඔවුන් එදා සිට කළ පරිත්‍යාගවලට කැපකිරිම්වලට ස්තූතිය පළ කර සිටින බවත් දැන් ලංකාවේ දෙවැනි වැඩිම පළාත් පාලන මන්ත්‍රීවරුන් සිටින්නේ සමගි ජන බලවේගය බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...