වෙඩි තැබීමක්!

0
140

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW :

කළුතර දකුණ පළාතොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙන අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්ම මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ, වාහන අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුවෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙන අතර, එම අවස්ථාවේ වාහන අලුත්වැඩියා කරන ආයතනය හිමිකරු නොසිටි බවයි.

කෙසේ වෙතත් ඔහුගේ සහායකයා එම අවස්ථාවේ අදාළා ගරාජයේ රැඳී සිට තිබෙන අතර, ඒ අනුව වේක්කරුවන් විසින් වෙඩි ප්‍රහාර දෙකක් ගරාජය වෙත එල්ල කර ඇති බව පොලිසිය පැවසුවේය.

එම වෙඩි සැබීමෙන් කිසිවකුටත් හානියක් වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දකුණ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව පැවසේ.