සාමකාමී විරෝධතාවලට පහරදෙන අයට සජබ රජයක් යටතේ දඬුවම් ! – විපක්ෂ නායක (VIDEO)

Date:

මේ දුර්දාන්ත ආණ්ඩුව රට විනාශ කරන බවත්,මැතිවරණයකින් තොරව කිසිදු ඉදිරියක් නැති බවත් ආණ්ඩුව මැතිවරණයක් ලබා නොදෙන්නේ නම් මහපාරට බැස ඒ වෙනුවෙන් අරගල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා පෝලිම්වල සිටින ජනතාව මැරී වැටෙන විට අඩන්නට අමතක වූ ආණ්ඩුවේ උදවිය,පොහොර ටික නැතිව ගොවිජනතාව සුසුම් හෙලන විට හඬන්නට අමතක වූ ආණ්ඩුවේ උදවිය,ගෑස් සිලින්ඩර පිපිරී ජීවිත අහිමි වන විට හඬන්නට අමතක වූ ආණ්ඩුවේ උදවිය අද විලාප තියමින් හඩන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ ඊයේ (10) පැවති උඩුදුම්බර සමගි ජනබලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.එය සංවිධානය කොට තිබුණේ අධිනීතිඥ සනත් බණ්ඩාර මහතා විසිනි.

ආණ්ඩුව සාමකාමී විරෝධතාවයන්ගෙන් පවා භීතියට පත් වන බවත්,ගෝල්පේස් පරිශ්‍රයේ සාමකාමී විරෝධතා දැක්වූ පිරිස් වලට එරෙහිවත් ඊයේ දිනයේ මර්දනය ක්‍රියාත්මක කළේ ඒ නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මවයි පුතයි අත් අල්ලාගෙන සාමකාමීව උද්ඝෝෂණය කිරීම පවා ආණ්ඩුවට දරාගත නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා, පුතාගෙන් අම්මාව පැහැරගෙන ගොස් ජීප්රියට පටවන දසුන් පවා දක්නට ලැබුණු බව ප්‍රකාශ කළේය.

සාමකාමී විරෝධතාවයන් හි යෙදෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති විදින පිරිස්වලට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් යටතේ වන්දි ගෙවීමට සිදුවන බව ද ඒ මහතා අවධාරණය කළේය.

රාජ්‍ය ත්‍රස්තවාදයට,රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට වැඩි ආයුෂ නැති බව කී විපක්ෂ නායකවරයා, ඒ පිලිබදව ඉතිහාසයේ බොහෝ පාඩම් ඇති බවද සිහිපත් කළේය.

මේ ආණ්ඩුව මැතිවරණ වලට සහමුලින්ම බය බව පැවසූ විපක්ෂ නායකවරයා, ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ මැතිවරණ කල් දැමීමට බවද පැවසීය. වහාම මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, හැකිනම් ජනාධිපතිවරණයක් වුවද වුවද පවත්වන ලෙස අභියෝග කළේය.

මැතිවරණ කල් දැමීමට විවිධ උප්පරවැට්ටි යොදනවා වෙනුවට හැකිනම් පොහොට්ටුව කැමති මැතිවරණයක් වුවත් පවත්වන ලෙසද අභියෝග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද...

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරීන් හමු වූ ජනපති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW : අද (11) දින...

විජේරාමේ අද මොකද වුණේ? (PHOTOS)

කොළඹ LNW: “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව...

මහින්ද විජේරාමෙන් පිටවෙයි! (PHOTOS)

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල...