ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 344 ක් රැස් කළ ද එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගත හැකි ආකාරයට පන්දු යැවීමට සහ පන්දු රැකීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපොහොසත් වූහ.ලකුණු බහුල දිගු පහරවල් සඳහා යා හැකි පිටියේ ලකුණු 344 රැක් ගැනීම පහසු නැත.නමුත් එම කෙටි බව නිසාම කෙටි ලකුණුවලදී ලකුණු දෙක හා තුන ලබා ගැනීම දුෂ්කරය.එහෙත් ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් එම අවස්ථාව මෙන්ම තීරණාත්මක මොහොතකදී හොඳින් පන්දු රැකි දුෂාන් හේමන්ත විසින් අත හරින ලද උඩ පන්දුවද පකිස්තානයට ලකුණු 344 පහසු කළේය.

පසුගිය වසර දෙකක පමණ කාලය තුළ පන්දු යැවීමෙන් සාර්ථකත්වයට පත් චාමික කරුණාරත්නව කණ්ඩායමේ ගමන් මඟියෙක් කර රඳවා ගෙන සිටින අතර වේග පන්දුවේ වඩාත් විශිවාසය බවට නායක දසුන්ගේ කණ්ඩායමේ සිටින මතීශ පතිරණ ඊයෙ යළිත් සිය ප්‍රතිවාදීන්ට පන්දු ඕවර් 9 තුළ ලකුණු 90 ක් ලබා දුන්නේය.අනාගතයට රැක ගත යුතු මේ පන්දු යවන්නා අකාලයේ විනාශ කර දැමීමට මේ මොහොතේදී නායකයාගේ පෞද්ගලික රුචි අරුචිකම් බලපාන බවක් දකින්නට ඇත.
ඊයේ පන්දුවට පහර දීමේදී කුසල් මෙණ්ඩිස් පෑ සංදර්ශණාත්මක ඉණිම,කාලයක් පුරා ඔහුව ඉලක්ක කර ගනිමින් කරගෙන ගිය ප්‍රහාරයට ඔහුගේ ඔරොත්තු දීම පැහැදිළි කරන්නක්ය.ලකුණු සහිත තාක්ෂණය පොහොසත් කුසල් වැනි පිතිකරුවෙක් රටකට භාග්‍යයක් බව සඳහන් කරමින්,ඔහුව නිවැරදි තත්ත්වයට පත් කර ගැනීම ජාතික වගකීමක් බව අප පවසද්දී,ඔහුව කණ්ඩායමේ හතර මායිමට වැද්දා නොගත යුතු බව කී පිරිස් අද ගයන ප්‍රභ ප්‍රාර්ථනාවන් ඔප්පු කරන්නේ නිවැරදි වන්නට මිනිසෙකුට අවශ්‍ය්‍ය වන්නේ කැපකිරීම් සහ මඟ පෙන්වීම් බවය.දසුන් ශානක දැන් මේ කාරණා දෙක අමතක කර ඇති නායකයෙක් වන අතර නායකත්වය බලයෙන් සීතාම්බර සළු පැළදගත් පසු නිරුවත ගැන බයක් හෝ දුකක් ඇති නොවන බව පැහැදීළි කරමින් සිටින්නේය.
ලංකාවේ සමාජයට ක්‍රිකට් කෙරෙහි වන විරෝධය සහ ප්‍රසාදය පැන නැඟෙන ආකාරය වෙනස්ය.නැතිනම් ක්‍රිකට්මය නොවන්නේය.ධනුෂ්ක ගුණතිලක විනය චෝදනාවලට හසු වූ අවස්ථාවේ අතිශයින් සරල පෞද්ගලික කාරණා දරුණු අපරාධ කර ගෙන සභ්‍යත්වයේ,සංස්කෘතියේ එළැඹ ඔහුව මරා දමන්නට තරමේ ප්‍රකාශවලට පසුබිම සකස් කළ ලංකාවේ මාධ්‍ය දැන් ඔහුව දූෂණ චෝදනාවකට ලක්ව නිවැරදිකරුවෙක් වූ පසු මාධ්‍ය හමුවට කැදවන්නේ වීරයෙක් හැටියටය.නැතිනම් රටේ ජනතාවට කුණු රස බෙදා දෙන්නටය.
නමුත් ඔහුගේ නඩුවේ එම කාන්තාව සමඟ ලිංගිකව එකතුවීම සිඳුකර ඇත.ප්‍රශ්නය තිබෙන්නේ කොණ්ඩමය නොපැළදි බවට කාන්තාව එල්ල කරන චෝදනාවේය.එය ඔප්පු කරන්නට සාක්ෂි ප්‍රමාණවත් නැති තරමටම අවිශ්වාසය.නමුත් එසේ කාන්තාවක් සමඟ එකතු වීමට ඔහු කණ්ඩායමෙන් වෙන්ව ගොස් ඇත.එය අනීතකය.කළමණාකාරීත්වය වගකිව යුතුය.ක්‍රීඩකයා ඒ කළ වරද අධිකරණයෙන් ලැබුණ නිදහස නිසා නිදහස දිය හැකි වරදක් නොවේය.දුම්වැටියක් බොන්නට ඉදිරියට යාම සහ දුම්වැටියක් බීම එල්ලා මරන්නට තරමේ දරුණු තත්ත්වයක් බව කී මාධ්‍ය හමුවේ ගැහැණියක් සමඟ විනය කඩ කරමින් එළියට ගොස් ලිංගිකව හැසිරුණු කෙනෙක් නීතියෙන් නිදහස් වූ පසු මාධ්‍ය සාකච්ඡාවලට කැඳවීමට තරම් ප්‍රබල කරන මාධ්‍ය සංස්කෘතියකින් ද ක්‍රිකට් ගලවා ගත යුතුය.

මේ තත්ත්වය හමුවේ ක්‍රිකට්වල වැටීම පෞද්ගලික රුචි අරුචිකම්වලට සහ මේ වන විට සැකසී ඇති ක්‍රීඩක කළමණාකාරීත්වයන්ගේ හැසිරිමට සාපේක්ෂව මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන ආකාරය මේ තරග පරාජයන්ගේ සැබෑ තත්ත්වය ගැන කතා කරන වේදිකාවේ ප්‍රති නිර්මාණය වන්නේ අඩු පාඩු සහිතවය.ඒ අනුව ඊයේ තරගයට තරගය පැවති පිටිය සමඟ ලකුණු 344 කියන්නේ මහා දැවන්ත ලකුණු පූවරුවක් නොවේය.එ් ගමන්ම කතා කළ යුතුව ඇත්තේ එම ලකුණු 344 ශ්‍රී ලංකාවට ලැබුණ ආකාරය ගැනය.
පැතුම් නිශ්ශංක 51, පන්දු 61,කුසල් මෙණ්ඩිස් 122, පන්දු 77 සහ සදීර සමරවික්‍රම 108,පන්දු 89 ලෙස ගෙන මෙම ලකුණු පූවරුව සළකා බැලිය යුතුය.එවිට පන්දු 222 ට (ඕවර් 37) ඔවුන් කිදෙනා එකතු කර දී ඇති ලකුණු ප්‍රමාණය 281 කි.එය සාමාන්‍ය ඕවරයකට ලකුණු 8 ට සාමාන්‍ය ගණනකි.අඩුම තරමේ ඔවුන් පන්දුවට පහර නොදුන් ඕවර් 13 සඳහා ලකුණු එකතු වී ඇත්තේ ලකුණු 63 කි.ඉහත කඩුලු 3 අත හැරිය විට කඩුලු 6 ක් දැවී ගොස් ඇත.මේ තත්ත්වය නොවිණිනම් ලකුණු පූවරුව මීට වඩා ශක්තිමත් වන්නට තිබිණි.
පන්දු යැවීමේදී දසුන් ශානක ඊයේ ද පන්දු ඒවරයකට අඩුම ලකුණු ගණනක් ලබා දුන් පන්දු යවන්නා විය.නමුත් යවන ලද්දේ පන්දු ඕවර් 5 ක් පමණි.එයට ලකුණු 28 කි.එහෙත් ඔහු ලාබාල අනාගතයක් ඇති මතීහ පතිරණ පන්දු ඕවර 9 ක් සඳහා යොදා ගනිමින් ඔහුගෙන් ලකුණු 90 ක් ලබා ගන්නට පාර පකිස්තානුවන්ට සකසා දුන්නේය.දැන් දත්ත ඉතිහාසයට එකතු වෙද්දී දසුන් පිතිකරුවන්ට පන්දු යැවීමෙන් ලබා දී ඇති ලකුණු ප්‍රමාණය සහ මතීහ පන්දු යවන්නන්ට ලබා දී ඇති ලකුණු ප්‍රමාණය අනාගතයේදී සළකා බලන්නට හැකියාව ඇත.

ලකුණු 344 ක් ප්‍රමාණවත් නැති බව පෙන්නුවේ පකිස්තානු පිතිකරුවන්ය.ඔවුන්ට නිසි පිඩනයක් ඇති කළේනම් සහ අපට නිසි පන්දු යවන්නෝ සිටියේනම් ලකුණු 344 යනු තරගකාරී ලකුණු ප්‍රමාණයක්ය.ඒ ගැන සැකයක් නැත.එහෙත් අපේ පන්දු යැවීමේ බල ඇණිය සූදානම් නැත.අඩුම තරමේ දසුන් ශානක වැනි පන්දු යවන්නෙක් සිය කීර්තිය වෙනුවෙන් පකිස්තානුවන් ලකුණු ලබා ගැනීමට තමන්ගේ පන්දු ඉදිරියේ යම් පසුබෑමක් පෙන්වන තත්ත්වයක හෝ තවත් පන්දු ඕවරයක් යවා යම් උත්සාහයක් ගන්නට තරම් තමන්ගේ කීර්තිය අභියෝගයට තබා වැඩ කරන්නට සූදානමක් නැත.

තවත් අතකින් අප මේ දකින්නේ මේ ලෝක කුසලානය වැනි තරගාවලි ඉලක්ක කර මිට වසර කිහිපයකට පෙර ප්‍රමෝදය වික්‍රමසිංහ සකස් කළ ශරීර යෝග්‍යතාවයෙන් සියයට සියයක් වූ කණ්ඩායමය.භාගෙට භාගයක් දැන් ආබාධවලය.ඒ අතින් බලන විට ක්‍රිඩක අවධියේ කණ්ඩායමේ සිටිය අංක එකේ කවටයා ලෙස ක්‍රීඩකයින් හඳුන්වන ප්‍රමෝදය වික්‍රමසිංහ තේරුම් කමිටුවෙත් එවැනි කාර්යයක්ම කර ඇති බවක් හැඟෙන්නේය.
කෙසේ වුව මෙහිදී වැදගත්ම දේ පකිස්තානු පිතිකරුවන් ඉතා ඉහළ මට්ටමෙන් ක්‍රිඩා කිරීමය.වේගය මෙන්ම ඉවසීම සහ සැළසුම් සහගත බව ද ඔවුන් තුළ හොදින් තිබිණ.විශේෂයෙන් පකිස්තාන පිතිකරුවන්ටත් වඩා හොදින් ප්‍රහාරාත්මක වූ ශ්‍රී ලංකාවේ කුසල් මෙණ්ඩිස් සහ සදීර සමරවික්‍රමට නොතිබුණු ඉවසුම් සහගත වගකීමක් පකිස්තානු සෙසු පිතිකරුවන්ට තිබුණු නිසා ශතක ලබා ගත් අබ්දුල්ලා සෆීක්ට සහ මොහොමඩ් රිස්වාන්ට පකිස්තානය නිසි ඉලක්කය වෙත රැඟෙන යාම අපහසු නෙවිණි.ලකුණු ලබා දීම වගේම මතීහ පතිරණ වැනි ක්‍රීඩකයින් පීඩනය හමුවේ අදහාගත නොහැකි දුරකින් වයිඩ් පන්දු පතිත කිරීම ද මේ වගකීම වැඩි පීඩනයකින් තොරව ඉටු කරන්නට පහසුකමක් විය.
ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/pakistan-vs-sri-lanka-8th-match-1384399/full-scorecard
සටහන – නිෂ්මං රණසිංහ
