IMF කියන ආදායම හොයන්න රජයට බැහැ – විජයදාස රාජපක්ෂ

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසන අන්දමට ලබන වසරේ පළමු කාර්තුව තුළ රටේ පවතින තත්ත්වයත් සමඟ ඔවුන් බලාපොරොත්තු වන පරිදි ආදායම උපයා ගැනීමේ හැකියාවක් රජයට හැකියාවක් නොමැතිබව රජය විසින් ඔවුන්ට දැනුම් දුන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එම ආදායම සපුරා ගැනීමට අයකළ යුතු වන බදු ප්‍රමාණය ඉහළ දැමීමට සිදුවන නමුත් දැනටමත් ජනතාව අසීමිත බදු ප්‍රමාණයක් ගෙවන හෙයින් තවදුරටත් බදු වැඩිකළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට රජය දැනුවත් කර ඇත.

ඒ අනුව දෙවන ණය වාරිකය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් එම නියෝජිතයන් කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණෙන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...