පවතින කාලගුණ තත්ත්වය බෝවන රෝග වලට අත වනයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ දිනවල බෝවන රෝග සහ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ රෝග ලක්ෂන ඇත්නම් අවශ්‍ය මූලික සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස රටේ සියළු මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

“අපිට අපේක්ෂා කරන්න පුළුවන් ඉදිරියේදී ජල ප්‍රභව දූෂණය වීම නිසා පාචන රෝග පැතිර යාම, ඒ වගේම මැස්සන් සහ මදුරුවන් ඉහළ යාම නිසා ඩෙංගු වැනි රෝග තත්ත්වයන් වගේම වෛරසවලින් පැතිරෙන රෝග තත්ත්ව සහ පාචන රෝග නැවත වරක් හිස එසවීම කියන කාරණා. කෙසේ වෙතත් මේ සම්බන්ධව අපි වැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම මහජනතාවගේ පානීය ජල ප්‍රභව පිරිසිදු කරදීම සඳහා පළාත් පාලන ආයතන සහ ස්වේච්චා සංවිධාන සමඟ එකතු වෙලා අවශ්‍ය තාක්ෂණික උපදෙස් දීලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ආහාර සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා මැස්සන්ගෙන් සහ දූවිල්ලෙන් නිරාවරණය වුණ ආහාර විකිණීම සම්බන්ධව ආහාර පරිහරණ ආයතන වෙළෙඳ සැල් සියල්ල පරීක්ෂා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.”

“ඒ වගේම දිවයිනේ වෙනත් ප්‍රදේශවලත් මේ දිනවල පවතින යම් කඩින් කඩ වැසි එක්ක ඩෙංගු රෝගය ඉතාම ඉහළ යයි කියලා අපි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් තම තමන්ගේ පරිශ්‍ර, නිවෙස් සහ ආයතන හෙඳින් පරීක්ෂා කරල බලලා මදුරුවන්ගෙන් තොරව පවත්වාගෙන යන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කාලගුණ තත්ත්වයත් එක්ක පැතිර යන නොයෙකුත් වෛරස උණ, ඒ වගේම වෛරස නිසා ඇති වන පාචන රෝග වැනි රෝග තත්ත්වවලින් වැළකීම සඳහා, අවශ්‍ය මූලික සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා අපි රටේ සම්පූර්ණ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

ලෙස උපුල් රෝහන මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...