*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ආසියානු පදක්කම් ලංකාවට ආ පසුව…

ශ්‍රී ලංකාවට ක්‍රීඩකයින් දිනා ගත් පදක්කම් නිසා ඔවුන් වීරයන් සේ දැණුනද,අභ්‍යන්තර ඔවුන්ගේ ජීවිතය වෙනස්ය.ඔවුන්ට ඔවුන් අත් කරගත් කීර්තියේ ප්‍රමාණයට සැළකිලි ලැබෙන්නේ නැත.දේශපාලන සංදර්ශනවලට පෙනී සිටිය යුතුය.ජය බෙදා ගන්නට පවුල්වල තුරුල්ලට වැදෙන්න කොළඹින් බැහැරට ඉඟිල්ලෙන්නටත් නොහැකිය.සමහර රැකියාවල්වලින් ඔවුන් එහි ප්‍රධානීන්ගේ දෙපා මුලට ගෙන එන්නට වැඩ කටයුතු සකස් කර අවසන්ය.ඒවා සම්ප්‍රදාය වන නිසා ඉහළ නිලධාරීන් තමන්ගේ සේවකයන්ගේ පාමුලට ඇවිදින් පිළිගැනීම වැනි කාරණා තනතුරුවල ඉහළ මට්ටම්වලට වස් වඳින අන්දමේ වැඩ බව හැඟෙන සංස්කෘතිය වෙනස් කළ හැකි මිනිස්සු එම සම්ප්‍රදායන් ඇතුළේ බිහිවන්නේ නැත.


සාමාන්‍යයෙන් ආසියානු තරගාවලියක් යනු සංචාරයකට සහභාගි විමේදි තරග ඉසව්ව නනිමා වූ සැනින් එලවා දැමිම දැන් කලෙක පටන්ම සුවභාවය වන්නේය.මෙවරත් ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි ක්‍රීඩක කණ්ඩායම එන්නට තිබුණේ 7 වන දාය.නමුත් පදක්කම් දිනා ගැනීම නිසා සහ අමාත්‍යවරයා ද අවසාන උත්සවයට සහභාගි වූ නිසා කණ්ඩායමට රැඳෙන්නට විය.මෙහි වැදගත්ම දේ පදක්කම් දිනා ගැනීමෙන් පසු මේ තීරණයට එළැඹිමය.එහි අදහස පදක්කම් දිනනු ඇතැයි ඔවුන්ට හැඟීමක් බලාපොරොත්තුවක් තිබී නැත.මේ රටේ ක්‍රීඩාව පාලනය කරන්නන්ගේ අවබෝධයය.


ඉනික්බිති ඇමතිවරයා සමාප්ත සමාචාරය නිමවා යහතින් සහ ක්ෂණයෙන් පිටත් වුව ද,ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැය 24 ට වැඩි ගුවන් කාලයක් ගත කර ශ්‍රී ලංකාවට එන්නට සිදු විය.සිප වැළද ගැනීම් සහිත ගෞරව සමාචාර දක්වන පිංතූර දකින අපට ඉන් පිටත නොපෙනෙන තත්ත්වය එයය.කණ්ඩායම් දෙකකට චිනයට ගිය පිරිස් ඊයේ කණ්ඩායම් දෙකක් හැටියටම ආ අතර එක් කණ්ඩායමකට ඉක්මණින් පැමිණිමේ සහ ජයග්‍රහණය කිරීමේ පව ගෙවන්නට ප්‍රභූ පර්යන්තයේ අනෙක් කණ්ඩායම එනතෙක් පැය දෙකක් රැඳෙන්නට සිඳු විය.
රටේ ක්‍රීඩා පරිපාලන හැම එකටම අත පොවා දත් බලන අමාත්‍යංශය මේ මොහොතේ රටට අභිමානයක් ගෙනා මේ ක්‍රීඩක ගොන්නට අඩුම තරමේ ගත් ගුවන් ටිකට් පත් අවලංගු කර එකට අඩු වෙලාවකින් ලංකාවට ගෙන්නා ගැනීම ගැන නොසිතුව එකෙන්ම පැහැදිළි වන්නේ ක්‍රීඩාව කරන ක්‍රීඩකයින්ට මේ රටේ ඇති සැළකිල්ල සහ උනන්දුවය.එසේම ඊ ළඟට අප වෙබ් අඩවියද මැදිහත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තරුශි කරුණාරත්නව ඇගයීම තව දුරටත් පළල කර ගෙන ඇති මොහොතක,ක්‍රීඩා අමාත්‍යංශය ඊට ද එරෙහිව එම මුදල අමාත්‍යඞශයට ගෙන්වා ගෙන මුදල් අමාත්‍යංශයට යොමු කර විශාල කාලයක් ගත කර ඇමති අතින් පිරිනැමීමක් දක්වා යන්නට ඉඩ ඇත.මිට පෙර ද මලල ක්‍රීඩා කණ්ෂ්ඨ සංචාරයකදී ක්‍රීඩා අමාත්‍යංශය ඒ ආකාරයට හැසිරී ඇත.මේ සඳහා ක්‍රීඩාව සමඟ ඇරියස් පිරුණු උපදේශක කණ්ඩායමක් ද අමාත්‍යවරයා සමඟ සිටින බැවින් ලංකාවේ ක්‍රීඩාවට අපල උපද්‍රව හිඟ නැත.


ඇත්තටම ක්‍රීඩා අමාත්‍යංශය ගෙවිය යුතු මුදල් ප්‍රමාණයක් පොරොන්දු ප්‍රකාරව මෙහි ඇති බව සත්‍යයකි.එම ගෙවිම් ආසියානු හෝ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයක අවසන් අට දෙනා අතරට තේරීම දක්වාම ගෙවිය යුතු ආකාරය ද දක්වා ඇත.ඒ අනුව ලංකාවේ මලල ක්‍රීඩා කණ්ඩායමට එම මුදල් හිමි විය යුතුය.තර්කයක් හැටියට ගෙනාවොත් ආසියාවේ අන්තිම අට නියෝජනය කළ අවාසනාවට පදක්කම අහිමි වූ මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමට ද එම අයිතිය හිමි විය යුතුය.


ඒ සම්බන්ධයෙන් ගෙනිම් සිඳුවිය යුතු ආකාරයේ සරල සටහනක් මේ සටහනට ඡායාරූපයක් ලෙස එක් කර ඇත.ඒ අනුව ගෙනීම් සිදුවිය යුතු ආකාරය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ ආශ්‍රිතව සිතා ගැනීම අපහසු නැත.අවසන් අට යන අර්ථයෙන් සිතුවොත් එම අට අතර ධාවනයේ යෙදුණ මිශ්‍ර කණ්ඩායමේ සිටි නදීශා රාමනායක,තරුශි කරුණාරත්න,අරුණ දර්ශණ සහ කාලිංග කුමාරගේ හිමිකම්වල තත්ත්වය එසේ වුවහොත් තවත් ඉහළට නැඟෙනු ඇත.


තරුෂී කරුණාරත්න – මීටර් 800 – රන් පදක්කම
නදීශා දිල්හානී ලේකම්ගේ – හෙල්ල විසිකිරීම – රිදී පදක්කම (ශ්‍රී ලංකා වාර්තාව සමගින්)
කාන්තා කණ්ඩායම – මීටර් 400 සහාය දිවීම – ලෝකඩ පදක්කම (ශ්‍රී ලංකා වාර්තාව සමගින්)
පිරිමි කණ්ඩායම – මීටර් 400 සහාය දිවීම – ලෝකඩ පදක්කම
ගයන්තිකා අබේරත්න – මීටර් 1500 – සිව්වැනි ස්ථානය
නදීෂා රාමනායක – මීටර් 400 – පස්වැනි ස්ථානය
සාරංගි සිල්වා – දුර පැනීම – හයවැනි ස්ථානය
අරුණ දර්ශන – මීටර් 400 – හයවැනි ස්ථානය
කාලිංග කුමාරගේ – මීටර් 400 – හත්වැනි ස්ථානය
ගයන්තිකා අබේරත්න – මීටර් 800 – අටවැනි ස්ථානය

ශ්‍රී ලංකා වාර්තාවන් අලුත් කිරීම ගැන ද ගෙවීමේ සම්ප්‍රදායක් ක්‍රිඩා අමාත්‍යංශයේ ඇත.දන්නා තරමින් එය ද ක්‍රියාත්මක වන්නේ නැත.එසේ වුවහොත් නදීශා දිලිහානි ට මෙන්ම කාන්තා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට ද තව දුරටත් ගෙවිය යුතුය.
මේ ජයග්‍රහණ සඳහා වැඩිම දායකත්වය දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවය.ඊයේ හමුදාපතිවරයා ද සිය සෙබළ කැළට සුබ පතන්නට කටුනායකට පැමිණ තිබුණානම් අපූරුය.නමුත් මේ පැය විසි හරතක ගමන් මහන්සිය දරා ගෙන අද හෙටම එතුමාව බැහැ දකින්නට මේ ක්‍රීඩකයන් පැමිණිය යුතුය.ඒ හැටිය.රටේ හැමෝටම මේ දිනවල ඔවුන් තරම් වීරයන් නැතත් ජනතාව දත යුත්තේ පදක්කම් තිබුණාට, හමුදාවල ඔවුන්ට ඉහළින් සිටින සියළුම දෙනාට පහළින් මොවුන් සැළකිල්ල ලැබිය යුතුය.ඉතිං ඒ සම්ප්‍රදායන් සුරැකිය යුතුය.එහෙත් යම් තරමකට හෝ ඔවුන් මේ දස්කම් සමඟ උසස් වීමෙන් පදක්කම් නිසා තමන්ට වඩා පහළින් සිටින පිරිසක් හමුදාවේ සකස් විම හොඳ දෙයක්ය.
ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදි ක්‍රීඩකයින් පැත්තට පිඩනයක් ඇති නොවෙන්න පිටිය සකස් කිරීමද ක්‍රීඩා අමාත්‍යංශය සකස් කළ යුතුය.අවසර දීමට දින මෙපමණක් පමණක් කියා ඉරි ගහගෙන සිටීම ප්‍රායෝගික නැත.උදාහරණයකට අමාත්‍යංශයේ සීමා අභිබවා ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට ක්‍රීඩකයින් තේරුණ දිනය නම් වෙද්දී ඒ අවසරය කළමණාකරනය කරන්නට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නට අයෙක් සිටිය යුතුය.නැතිනම් හමුසා සෙබළුන්ට හමුදාවේ අවසරයකින් තොරව විදෙස්ගතවීම ගැන විනය ක්‍රියා මාර්ග ගන්නට ඉඩ ඇත.ඒ නිසා මේ වගකීම ගැන හමුදාවේ ඉහළම නිලධාරීන්ද ක්‍රීඩාවේ සිටින බැවින් ඔවුන් සමඟ එකඟතා ගිවිසුමකට හෝ උදාවන තත්ත්වය අනුව හමුදා ක්‍රීඩකයින් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග වෙනස් කිරීමට හෝ පුද්ගලයින් වැඩ කළ යුතුය.


අවසාන වරට කියන්නට ඇත්තේ අප මීට පෙර කියූ ලෙසම පදක්කම් යනු රත්තරන් පමණක් නොවන බවය.අඩු වයසේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ගොන්නක් මේ සහය දිවීම් කණ්ඩායම් තුළ සිටින්නේය.ඔවුන්ට මාසිකව රුපියල් 50000 ගණනේ දෙන්න ආයතන එකාට එක බැඟින් හෝ ඉදිරිපත් වන්නේනම් සහය දිවීමේ පදක්කම්ද රටක් දිනවන පදක්කම් බැවින් එම ආයතනවල කීර්තියටත් වැදගත්ය.ඔවුන් ආසියාවේ තොවන තැන සිටීම යනු බොහෝ විට ඊට වඩා හොඳ තැනක් පොදු රාජ්‍ය මණ්ඩලීය කරගවලදී දිනා ගන්නට හැකි වීමට ඇති ඉඩකි.ඒ පුහුණුකරුවන් බොහෝ දෙනෙක්ද තරුණය.තව අවධානය යොමු කරන්නේනම් වත්මන් මීටර් 110 කඩුලු මතින් දිවීමේ සූරයා වන ජනිඳු ලක්විජය මෙන්ම ඔහු පිටපසින් දැනට සිටින රොෂාන් රණතුංගනම් වූ හිටපු වාර්තාලාභියාද තරුණයෝය.පුහුණුකරුවෝද තව බොහෝ කාලයක් හිමි තරුණවියට බරැත්තෝය.
පිරිමි මීටර් 400 දෙටු සහ කණිටු ජයග්‍රාහකයින් දෙදෙනාම සිටින්නේ ඉතා ඉහළ මට්ටමකය.ඔවුන් දෙස ද සුගත් කිලකරත්න වැන්නෙක් නිර්මාණය කළ පුහුණුකරු අනුර බණ්ඩාර ගැන ද සිහි එළවා ගත යුතුය.තව බොහෝ දෙනෙක් අතරින් මේ උදාහරණ කිහිපයක් පමණි.හෙට දවස අපූරුය.නමුත් තල්ලු කර දැමිය යුතු කළු ආකල්ප වළාකුළු භයානකය.ඒවා කඩා වැටුණොත් සියල්ල හේදි යා හැකිය.අමාත්‍යංශයේ සිටම පහළට වෙනස් වෙමු.


මාධ්‍යය ද මේ මොහොතේ මධ්‍යම රාත්‍රිය දක්වා දිවෙන වැඩ සටහන්වලින් මේ ක්‍රීඩක කණ්ඩායම මුදවා ගන්නේනම් යහපත්ය.ක්‍රිඩකයෙක්ට නින්ද සහිත විවේකය අතිශයින් වැදගත්ය.ඔවුන් ක්‍රිඩා කර අවසන් බව නොසිතන්න.දන්නා හැටියට මේ සියලු අවිවේකිකම් සමඟ ඔවුන් සිය නියෝජන රැකියාව වෙනුවෙන් නුදුරු දිනකම යළි පිටියට එනු ඇත.ඒ ගැන සිතීම වැදගත්ය.මාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍ය හරහා ද මේ ක්‍රීඩකයින් ඉති ජනප්‍රිය තලයක සිටින බව පැහැදිළිය.ඒ නිසා ඒ ජනප්‍රියත්වය වෙනුවෙන් මොවුන් නාලිකා ජනප්‍රිය කර ගැනීමට ගෙන්විම වැරදි නැත.එවිට ඒ ජනප්‍රියතාවය සහිත පුද්ගලයාගේ ජනප්‍රියතාවයට බාධාවක් නොවන සේ ඒ දේ කළ හැකිනම් මහා රාත්‍රියේ නිද වරණ වැඩ සටහන්වලින් ඔවුන් නිදහස් කෙරෙනු ඇත.
සියලු මාධ්‍ය එක්ව රන් පදක්කම වසාගෙන සිටින අනුග්‍රහ උවමනාවන්ට අනෙක් පදක්කම් ද රත්තරන් කළ හැකි අනාගතයක් හිමි නියෝජනයන් බව පැහැදිළි කරන්න යොදා න්නේනම් යහපත්ය.එමෙන්ම සුබ පැතුම් දැන්වීම් දැමූ ආයකනවලට මේ සියලු දෙනාගේ අනාගතය වෙනුවෙන් දිරි ගැන්වීම් සපයන අනුග්‍රාහයක් එකතු කරන්නට හැකිනම් එයද අපූරුය.
අපි සුබවාදීව බලා සිටිමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan