පොලිස් නිල සුනඛ කොට්ඨාශයට වසර 75ක් පිරීම නිමිත්තෙන් ලේ දන්දීමක්.

0
206

නදීක දයා බණ්ඩාර – මහනුවර

පොලිස් නිල සුනඛ කොට්ඨාශයට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් මහනුවර අස්ගිරියේ පිහිටි එම කොට්ඨාශ මූලස්ථානයේදී අද පැවැත්විණි.
එහි අධ්‍යක්ෂ කාංචන ගොඩකුඹුර මහතාගේ අධීක්ෂණය මත එහි නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධාන කොට තිබේ.


මහනුවර ජාතික රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය හෙද හා කාර්යය මණ්ඩලයේ මැදිහත්වීම මත අද දිනය පුරා මෙම වැඩසටහන පැවැත්විණි.
එම කොට්ඨාශයට වසර 75ක් පිරීම නිමිත්තෙන් ජාතික උත්සවය නොවැම්බර් මස මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.