ඉන්දියා‍වේ අධ්‍යාපනය ලද ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය – “චිත්‍රලේඛා” කොළඹ දී!

Date:

ඉන්දියාවේ අධ්‍යාපනය ලද ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය වන “චිත්‍රලේඛා” ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා විසින්  2023 ඔක්තෝබර් 10 වන දින උදෑසන JDA පෙරේරා කලා ගැලරියේ දී සමාරම්භ කරන ලදී.

2.        ආනන්ද සමරකෝන්, සෝමබන්දු විද්‍යාපති, පූජ්‍ය එල්. ටී. පී. මංජුශ්‍රී හිමි, ජෝර්ජ් කීට්, හැරි පීරිස්, උපසේන ගුණවර්ධන සහ බර්නාඩ් ලොකුගේ යන ඉන්දීය කලා සම්ප්‍රදායන් සමඟ සමීප සබඳතාවයක් පැවති ප්‍රවීණ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ නිර්මාණ ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ. කලා නිර්මාණ පහක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජාතික කලා ගැලරිය විසින් ලබා දී ඇති අතර අනෙකුත් නිර්මාණ පවුල් සතුවූ කලා එකතුවලින් සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ලබා දී ඇත.



3.        ඉන්දියාවේ විවිධ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලද සමකාලීන කලාකරුවන් 26 දෙනෙකුගේ නිර්මාණ ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වන අතර විනී හෙට්ටිගොඩ, සරත් ගුණසිරි පෙරේරා, එස්. සිවරූබන්, සුසිරිපාල මාලිම්බඩ, රම්‍යවර්ධන පොඩිනිළමේ, රිනුජා සිවසංගර් සහ ආචාර්ය මනෝරන්ජන හේරත් වැනි චිත්‍ර ශිල්පි ශිල්පිණියන් ද ‍ඒ අතර වේ. මේ අතරින් වැඩි දෙනෙකු සංස්කෘතික සබඳතා සඳහා ඉන්දියානු කවුන්සිලයේ (ICCR) ශිෂ්‍යත්ව යටතේ ඉන්දියාවේ අධ්‍යාපනය ලද අය වේ. මහාචාර්ය ජගත් රවීන්ද්‍ර සහ අසංක ජයසිංහ විසින් ඉදිරිපත් කරන ලද මෙම ප්‍රදර්ශනයට සිතුවම් 150ක් පමණ ඇතුළත් වේ.

4.        කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංස්කෘතික සබඳතා සඳහා ඉන්දියානු කවුන්සිලයේ ආදි ශිෂ්‍ය වසර නිමිත්තෙන් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 75ක් සපිරීම සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවා වසර 25ක් සපිරීම වැනි වෙනත් විවිධ වැදගත් සිදුවීම් සමඟ ද සමපාත වේ.

5.        සමාරම්භක උත්සවය සඳහා සම්භාවනීය අමුත්තන්, කලාකරුවන් සහ නරඹන්නන් රැසක් සහභාගී වූහ. SAARC සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා රේණුකා ඒකනායක මහත්මිය සහ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම ප්‍රදර්ශනය 2023 ඔක්තෝබර් 12 වන දා දක්වා පෙරවරු 10 සිට පස්වරු 10 දක්වා විවෘතව තැබෙනු ඇත.

***

කොළඹ 

2023 ඔක්තෝබර් 10

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ මදුරෙයිහි සිට බිලියනපතියකු දක්වා ගූගල් ප්‍රධාන විධායක නිලධාරියාගේ ගමන් මඟ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කුඩා නගරයක...

කෝපා සභාපති පුටුවට රවී ??

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරය සඳහා...

චිචීගේ රොකට් එකට රජයේ මුදල් යොදවා නෑ. එයින් රටට වාර්ෂිකව කෝටි සිය ගණනින් ආදායම් ලැබිලා – අගමැති හරිනි

චිචීගේ රොකට් එක නමින් ප්‍රසිද්ධියට පත්වූ සුප්‍රීම් සැට් සන්නිවේදන...

චීන ගිම්හාන සමය උණුසුම් කළ සිනමාපටය!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය පිළිබඳ ජයග්‍රහණයේ 80 වන...