තාත්තාගෙ ඇරියස් පුතාට ලැබෙන්න පුලුවන් – මරික්කාර් නාමල්ට අනතුරු අඟවයි !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සජබ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අනතුරු අඟවා සිටී. ඒ පොදු පෙරමුණු පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මියගිය දවසක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කරපු වැඩවලට ඇරියස් පිට රිටන් එක ලැබෙනු ඇතැයි කියමිණි.

ඔහු ඒ බව මෙලෙසින් කියා සිටියේය,

”මහින්ද මහත්තයා මියගිය දවසක පරිස්සම් වෙලා ඉන්න ..මොකද තාත්තා ජනාධිපති වෙලා ඉන්න කාලේ කරපු වැඩවල ඇරියස් ලැබෙන්න පුලුවන් . පොදුජන පෙරමුණේ මොන මන්ත්‍රීටද ගමකට ගිහින් රැස්විමක් කරන්න පුලුවන්. මොන මන්ත්‍රීටද ගංවතුර තියන තැනකට ගිහින් ආධාර බෙදන්න පුලුවන්.
මිට වසර 3 කලින් මෙගොල්ලෝ කොහොමද හිටියේ. අද කොමද ඉන්නේ. හැංගිලා.

අපි පැරදිලා අපේ පක්ෂ කඩා වැටුනත් අපට සැලකිය යුතු කොටසක් ලැබුනා. ඒ වගේ එයාලටක් යම් ගණනක් කියනවා . මම නෑ නියන්නේ නෑ. ප්‍රායෝගික දේශපාලනයේ පොළොවෙ පයගහලා වැඩකරන මිනිස්සු හැටියට අපට එක පිලිගන්න වෙනවා. එ ඔස්සේ සමගිජන බලවේගයේ අණ්ඩුවක් පිහිටුවන්න දරන සංවිධානගත විම අමුතුවේන් පැහැදිලි කරනන ඕන නෑ.

නාමල් රැස්විම්වලට යන්නේ හිතවත් කියලා තහවුරු කරගක්ත බත් බැලයෝ ඉන්නතැන් වලට විකරයි . මොකද මිනිස්සුන්ට බයයි.. මහින්ද මහත්තයා මියගියදවසක පරිස්සම් වෙලා ඉන්න ..මොකද තාත්තා ජනාධිපති වෙලා ඉන්න කාලේ කරපු වැඩවල ඇරියස් ලැබෙන්න පුලුවන් .

මම පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තින්දුව ගැන සැහිමට පත්වෙලා ඉන්නේ.. මොකද පක්ෂ මනාපයෙන් තමා අප පත්වෙලා ඇවිල්ල තියේන්නේ .. පක්ෂයකින් තොරව ස්වාධිනව එන විට පරදින සම්භාවිතාව වැඩි. මොකද ජනතාවයි මනාප දෙන්නේ. “

යනුවෙන් මධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...