*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

කියර් ස්ටාමාගේ දින 100

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ජුලි 4 වෙනිදා දශකයකට වැඩි කාලයක් බලයේ සිටි කොන්සර්වේටිව් පක්ෂය අතුගා දමමින් පාර්ලිමේන්තුවේ ප්‍රබල බහුතරයක් කරා ගෙන ගිය අග්‍රාමත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමා ගේ ජනප්‍රියතාවය බලයට පත්වී දින 100ක් ගෙවෙන තැන අතිශය අඩු වී ඇති බව වාර්තා වේ.

8 YouGov විසින් කරන ලද මත විමසුමකට අනුව, 62 හැවිරිදි හිටපු නීතිඥවරයාගේ ජනප්‍රියත්වය 2020 දී කම්කරු නායකයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු අවම මට්ටමට පහත වැටී ඇති බවත්, සෑම බ්‍රිතාන්‍ය ජාතිකයින් 10 දෙනෙකුගෙන් හය දෙනෙකුට වඩා දැන් ඔහුට අකමැති බවත් වාර්තා කර තිබේ.

පවුම් 167,000ක පමණ වාර්ෂික වැටුපක් ලබන ස්ටාමා බලයට පත් වීමෙන් අනතුරුව ඕනෑම මන්ත්‍රීවරයෙකු මෙන් බොහෝ තෑගි භාරගෙන තිබේ. එමන්ම ඔහුගේ අධික නවාතැන් වියදම්, මිල අධික කණ්නාඩි, ටේලර් ස්විෆ්ට් ප්‍රසංග ප්‍රවේශපත්‍ර, පාපන්දු තරඟ ටිකට්, ඇඳුම් පැළඳුම් සහ වෙනත් දීමනා පිළිබඳ පුවත් බ්‍රිතාන්‍ය මහජනතාව කෝපයට පත් කර තිබේ.

තෑගි භාර ගැනීම නීත්‍යානුකූල නමුත් ලේබර් පක්ෂය සාම්ප්‍රදායිකව සමානාත්මතාවය සහ විනිවිදභාවය වැනි වටිනාකම් ගැන ආඩම්බර වන වාමාංශික පක්ෂයක් බැවින් ජනතාව අතර අප්‍රසාදය වැඩි වෙමින් පවතියි.

එමෙන්ම මේ වන විට විශ්‍රාමිකයින් සඳහා ශීත ඍතු ඉන්ධන ගෙවීම සීමා කිරීමෙන් සමාජයේ විශාල කොටසක් ද කැළඹීමට ලක් කර ඇති අතර මේ හේතුවෙන් වැඩිහිටි පුද්ගලයින් මිලියන 10 කට පමණ සහන නොලැබී යනු ඇත.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි යුරෝපීය දේශපාලනය සහ විදේශ කටයුතු පිළිබඳ මහාචාර්ය ආනන්ද් මෙනන් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, පුදුමය නම් ඔවුන් එය කොතරම් නරක ලෙස හසුරුවා ඇත්ද යන්නයි යනුවෙනි.

සෞඛ්‍ය සේවය සඳහා අමතර අරමුදල් නොමැති බව පවසමින් සැප්තැම්බර් මාසයේදී ස්ටාමා NHS වැඩිදියුණු කිරීම සඳහා 10 අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කර තිබු අතර සෞඛ්‍ය සේවයේ සිදු කරන ඕනෑම වෙනස්කමක් බොහෝ බ්‍රිතාන්‍යයන්ට බලපානු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan