මැද පෙරදිග ප්‍රචණ්ඩත්වය මැද ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් රුසියානු ජනාධිපති පුටින් හමුවේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සතියේ ඉරානය විසින් හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා සහ IRGC අණදෙන නිලධාරි අබ්බාස් නිල්ෆෝරූෂාන් මෙන්ම මේ වසර මුලදී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාරයක් වශයෙන් ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් ඉරානය බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර ආතතින් උත්සන්නව පවතින අවස්ථාවක රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරානයේ නව ජනාධිපති පෙසෙෂ්කියන් හමුව ඇති බව වාර්තා වේ.

ඊයේ(11)දිනයේදී ටර්ක්මෙනිස්තානයේ පැවති කලාපීය රැස්වීමකට සමගාමීව පුටින් සහ ඉරාන ජනාධිපති හමුවී මැද පෙරදිග තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බවත්, එළඹෙන ඔක්තෝබර් 22-24 දිනවල රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව) සමුළුවේදී පුටින් තමාට ආරාධනා කළ අතර ගිවිසුම අවසන් කළ හැකි යැයි තමා බලාපොරොත්තු වන පෙසෙෂ්කියක් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

මෙම හමුවීම වාර්තා කරමින් රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය TASS වාර්තා කර තිබුණේ, ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් මොස්කව් සහ ටෙහෙරානය අතර සමීප සබඳතාවයක් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...