මම ඉල්ලන එක වැඩක් නෑ කියල හිතුණා – සමන් රත්නප්‍රිය

Date:

කොළඹ LNW: තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම තේරුමක් නැති වැඩක් ලෙස විශ්වාස කළ හෙයින් මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

විශේෂයෙන් සන්ධානයක් ලෙස කැස්බෑව ආසනයට අලුත් කණ්ඩායමක් පැමිණ ඇති හෙයින් තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කැපවීමට තීරණය කළ බවයි රත්නප්‍රිය මහතා පවසන්නේ.

ඉදිරියටත් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාමාර්ග සමඟ සිටින අතර සන්ධානයේ අපේක්ෂකයින් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කැපවෙන බව ඔහු අවධාරණය කරයි.

පුද්ගලයෙක් ලෙස මැතිවරණයට ඉදිරිපත් නොවී දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවීමටත් මැතිවරණය ව්‍යාපාරය වෙනුවෙන් රට පුර යාමටත් තමන්ට දැන් අවස්ථාව ඇති බවයි රත්නප්‍රිය මහතා කියාසිටින්නේ.

ජාතික ලැයිස්තුවෙන් හෝ ඉදිරිපත් වෙන ලෙස තමන්ට ආරාධනා කර සිටි නමුත් ජාතික ලැයිස්තුවෙන් පැමිණිය හැකි විෂය ප්‍රවීණයෙකුට එම අවස්ථාව අහිමි කිරීමටද තමන්ට අවශ්‍යතාවක් නොතිබුණු බවද ඔහු පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...