සජිත් ගැන කලකිරී මාන්නප්පෙරුම සමඟිය අතහරී!

Date:

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික්කයේ සමඟි ජන බලවේගයේ සංවිධායක ලෙස කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම මහතා තවදුරටත් සමඟිය සමඟ කටයුතු නොකරන බව ප්‍රකාශ කර තිබේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කලකිරී සිටින බවයි මාන්නප්පෙරුම මහතා පවසන්නේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව ඔහු කියාසිටියි.

තමන් නාමයෝජනා අත්සන් කර පැය 24ක් යාමටත් පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධූරය එක්සත් ජාතික පක්ෂය සමඟ වැඩ කළ පුද්ගලයෙක්ට තමන්ටත් හොරෙන් ලබාදීමට ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති බවට හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමඟි ජන බලවේගයේ නව සංවිධායක ලෙස කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණි වරුණ දීප්ත රාජපක්ෂ මහතාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...