‘මම ජනාධිපතිවරණයට යෝග්‍යයි. ට්‍රම්ප් ඔබ ?

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කමලා හැරිස් අද(12) දිනයේදී සිය සෞඛ්‍ය හා වෛද්‍ය ඉතිහාසය පිළිබඳ වාර්තාවක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එමඟින් නොවැම්බර් 05වන දා මැතිවරණයෙන් ඡන්දදායකයින් ඇයව තෝරා පත් කර ගන්නේ නම් 56 හැවිරිදි හැරිස් ජනාධිපති ධුරයේ රාජකාරි සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කායික හා මානසික ඔරොත්තු දීමේ හැකියාව ඇය සතුව ඇති බව තහවුරු කිරීම අපේක්ෂා කරයි.

78 හැවිරිදි ට්‍රම්ප් ද ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ කිසිදු තොරතුරක් මේවන තෙල් නිකුත් කර නොමැති අතර 81ක් හැවිරිදි ජනාධිපති ජෝ බයිඩන් ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජුලි 10 වන දා පැවති විවාදයෙන් අනතුරුව දෙවන වාරයක් වෙනුවෙන් ඉදිරිපත්වීම අහිමි වුයේද යහපත් ශාරීරික හා මානසික යෝග්‍යතාව නොමැති බවට සිය පාක්ෂිකයන්ගෙන්ම එල්ල වූ චෝදවන හේතුවෙනි.

හැරිස්ගේ මෙම වෛද්‍ය වාර්තාවත් සමඟ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ශාරීරික යෝග්‍යතාවය මෙන්ම මානසික තීව්‍රතාවය පිළිබඳ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු වනු ඇත. 78 හැවිරිදි ජනාධිපති අපේක්ෂකයා මෙවර ධවල මන්දිරයට තේරී පත්වන්නේ නම් ඔහු තේරී පත් වූ වයස්ගතම ජනාධිපතිවරයා වනු ඇත.

මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් හා කමලා හැරිස් අතර දැඩි තරඟයක් පවතින අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක රැලිවලදී වඩ වඩාත් නොගැලපෙන ප්‍රකශ සිදු කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් විචාරකයන් සඳහන් කරන්නේ ට්‍රම්ප් 80 ගණන්වලට ළඟා වන විට සංජානන පරිහානියේ සලකුණු පෙන්වන බවයි.

කෙසේ නමුත් හැරිස්ගේ ප්‍රචාරකයන් සඳහන් කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සැප්තැම්බර් 10වන දා කමලා හැරිස් සමඟ පැවති ප්‍රසිද්ධ විවාදයෙන් අනතුරුව නැවත විවාදයක් ප්‍රතික්ෂේප කිරීම මඟින් ඔහුට ජනතවගෙන් සැඟවීමට යමක් ඇති බවත්, මහජන නිරීක්‍ෂණයෙන් වැළකී සිටිමට උත්සහ කරන බවට ජනතාවට හැඟීමක් ලබා දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...