*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

අධික වර්ෂාවෙන් 22,000කට වැඩි පිරිසක් පීඩාවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ (LNW):

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පුද්ගලයන් විසිදෙදහස් හැටහතරදෙනෙකු (22064) ආපදාවට ලක්ව සිටින අතර, වැඩිම වර්ෂාපතනය රත්නපුර එරත්න ප්‍රදේශයෙන් වර්තා වන අතර අද (12) දිනයේ ද ප්‍රදේශ කිහිපයකට වැසි ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කැලණි ගඟ හා අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් වාර්තා වේ.

කැලණි ගං ද්‍රෝනියේ ඉහළ සහ මධ්‍යම ධරා ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාවත් සමග එගොඩ කැලණිය කිත්සිරිමෙවන් රජමහා විහාරයේ සහ කැලණිමුල්ල යන ප්‍රදේශ ජලයෙන් යටවුණ අතර, වත්තල,  වනවාසල ප්‍රදේශය ද මාර්ග හා පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙන බව පැවසේ.

එම ප්‍රදේශයේ වගුරුබිම් වල කිඹුලන් ගැවසෙන බවට වාර්තා වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි බියකින් පසුවන බව වාර්තා වේ.

මේ අනුව නිවාසවලට කොටුවී සිටින පිරිසට අවශ්‍ය ආධාර ලබාදීමට ව්‍යාපාරිකයන් මෙන්ම ප්‍රදේශයේ ඇතැම් සමාජ ක්‍රියාකාරීන් පියවර ගත් අතර, කටුනායක හීනටියන හරහා වැටී ඇති නිට්ටඹුව මාර්ගයේ දිවුල්ගස් හංදිය ඇතුලු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව ඇති බව වාර්තා වේ.

වේයන්ගොඩ කලගෙඩිහේන මාර්ගයේ ද ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබෙනවා. ජලය රැදි ඇති අවස්ථාවේ මෙම මාර්ගයේ ගමන් කළ රථ වාහන කිහිපයක අංක තහඩු ගැලවී ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් ඒවා මාර්ගය දෙපස තබා ඇති අයුරු දැකගත හැකියි.කැලණි ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගැලීමත් සමග පහත්බිම් රැසක් ජලයෙන් යටවුණා.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් කොලොන්නාව ප්‍රදේශයේ මාර්ග රැසක්ම ජලයෙන් යටවී තිබෙන අතර, වැල්ලම්පිටිය,  මෙගොඩ කොලොන්නාව,  වෙන්නවත්ත,  සේදවත්ත,  බ්‍රැන්ඩියාවත්ත,  කැලණිමුල්ල,  කොහිලවත්ත යන ප්‍රදේශවල පහත්බිම් මෙසේ ජලයෙන් යටවුණ. ගංගා කිහිපයකම ජලය තවදුරටත් ඉහළ ගොස් ඇත.

ප්‍රදේශ කිහිපයකටම නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා. කොළඹ,  කළුතර,  කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 24ක් සදහා දෙවන මට්ටමේ නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන අතර, බදුල්ල,  ගාල්ල,  කළුතර,  කෑගල්ල,  කුරුණෑගල,  නුවරඑළිය හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15කට පළමු මට්ටමේ නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කෙරුණි.

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බැවින් තප්පරයට ඝන මීටර් 78ක ජල ධාරිතාවක් මුදා හැරෙන අතර, මේ හේතුවෙන් බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. කළුතර බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ දැල්කඩ ප්‍රදේශයේ ස්ථාන රැසක් ජලයෙන් යටවුණා. මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

හැමිල්ටන් ඇළ පිටාර ගැලීමෙන් නාත්තන්ඩිය දංකොටුව මාර්ගයේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යටවී තිබෙන අතර නිවාස රැසකට ද හානි සිදුව ඇත. නාත්තන්ඩිය,  කුලියාපිටිය ප්‍රධාන මාර්ගය නාත්තන්ඩිය නගරය ආසන්නයෙන් ජලයෙන් යටවීමත් සමග ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.

දිස්ත්‍රික්ක 11 පවුල් 5348කට අයත් පුද්ගලයන් මේ වන විට පීඩාවට පත්ව සිටී.

ආපදාවට ලක්වුවන්ට සහන සැලසීම සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය,  ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ කණ්ඩායම් තුනක් හා රත්නපුර දිස්ත්‍රික්කයේ එක් කණ්ඩායමක් යොදවා තිබෙන අතර, කළුතර සදහා නාවික හමුදාව යොදවා ඇත.

ජලගැල්මෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට භාණ්ඩාගාරයෙන් නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා පවසා සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan