CATCH එකක් පරදපු MATCH එකක්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 12, කොළඹ LNW:

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ලද දෙවන පරාජය සටහන් වූයේ එංගලන්තයට එරෙහිවයි.ලකුණු 89 න් සිඳු වූ එම පරාජයට ද ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමේ අවස්ථා බල පෑවේය.තරගයේ ජයග්‍රහණයේ ශක්තිමත් අඩිතාලම වූ එංගලන්ත නායිකා නැට් ස්කිවර් බ්‍රන්ට් ලකුණු 3 දී ලබා දුන් පහසු උඩ පන්දුවක් මිඩ් විකට් හී දී උදේශිකා ප්‍රබෝධනි අතින් ගිලිහී යාමේ වාසිය බ්‍රන්ට් විසින් සම්පූර්ණ කළේ පන්දු 117 න් ලබා ගත් ලකුණු 117 කින් ය.


ලොව විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස කැපි පෙනෙන ඇයට ලැබුණු එම වාසිය සමග සියල්ලෙන් සපිරි ප්‍රදර්ශණාත්මක ඉණිමක් බ්‍රන්ට් ගොඩ නැඟුවේය.එහි ජවය මෙන්ම දරා ගැනීම කදිමට තිබිණ.ඉවසීම සහ සංයමය පිළිඹිඹු විය.එසේම ඇයගේ ප්‍රහාරාත්මක හැකියාව ද,එවැනි පිතිකරුවෙකුගේ වරදකට ප්‍රතිවාදීන් විසින් නොදෙන දඬුවමේ බරපතල ආදීනවද රැදී තිබිණ.විනාඩි 197 ක් පමණ ගෙවුණු එංගලන්ත ඉණිමේ විනාඩි 156 ක් බ්‍රන්ට් පිටියේ රැදී කළ එම දඩුවම් නොවන්නට එංගලන්තය ලකුණු 250 සීමාවට නොව ලකුණු 200 සීමාවට හෝ නොයන්නට ඉඩ තිබිණ.එහෙත් ගිලිහුණු උඩ පන්දුව මෙන්ම තවත් අසීරු උවස්තාවන් මෙන්ම පන්දු රැකීමේ දුර්වලතාවය නිසා ලැබුණු ලකුණුවලින්ද පෝෂණය වූ එංගලන්ත ඉණිම පන්දුවාර 50 නිමාවේ කඩුලු 9 ට ලකුණු 253 ක් ලෙස සටහන්ව තිබිණ.


ශ්‍රී ලංකාව සතුව සිටින ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නිය වන ඉනෝකා රණවීර මේ තරගයේදී ද එංගලන්ත පිතිකාරිණියන්ට තමන් ඉදිරියේ ප්‍රවේගකාරී ලෙස හැසිරෙන්නට ඉඩ ලබා නොදුන්නේය.ඇය සිය පන්දු ඕවර් 10 ලකුණු 33 ට නිමා කරමින් කඩුලු 3 ක් ද දවා ගත්තේය.
පිළිුරු ඉණිම සංයමයෙන් යුතුව ගොඩනඟන්නට නායිකා චමරි අතපත්තු කරන ලද උත්සාහය ඇයගේ පාදයේ ආබාධයක් මතුවීමෙන් ව්‍යර්ථ විය.ඇය ඒ නිසා පිටියෙන් ඉවත්ව නැවත පැමිණියද ආබාධ තත්ත්වය මත ඇයගෙන් සාර්ථක ඉණිමක් ගලා නොපැමිණියාය.
එම හිස්තැන අපූරුවට පුරවමින් චමරි ආබාධය නිසා පිටියෙන් ඉවතට ගිව පසුව දෙවන කඩුල්ල වෙනුවෙන් සබඳතාවයක් පැවත් වූ හර්ෂිතා සමරවික්‍රම (33) සහ හසිනි පෙරේරා (35) ලකුණු 58 ක් එක් කළ ද,හසිනි කලබලකාරී පහරක් නිසා සොෆී එක්ලෙක්ස්ටෝන් ගේ ගොදුරක් විය.ඒ තත්ත්වය මත මානසික ඒකාග්‍රතාවය අහිමි කර ගත් හර්ෂිතා ද සොෆීගේම පන්දුවකට ෂෝර්ට් ෆයින්ලෙග් කළාපයට උඩ පන්දුවක් දී දැවී ගියේය.


සොෆී ලාංකේය දඟ පන්දු යවන්නියන්ට උචිත වන ලෙස සැකසි තණතීරුව තමන්ගේ රාජධානිය බවට පත් කර ගනිමින්,කළ වික්‍රමය කෙතරම් ද යත් අවසාන පන්දු යැවීමේ ප්‍රතිපලය කියවුණේ පන්දු ඕවර් 10, නොයිදුල් ඕවර් 3,ලකුණු 17 ට කඩුලු 3 ක් ලෙසය.ඒ අනුව ශ්‍රී ලංකා ඉණිම ලකුණු 156ට සියල්ල දැවී නිමවෙද්දී සොෆී නිල නොලත් තරගයේ වීරවරිය වූවාය.තරගයේ වීරවරිය වූයේ ඒ සදහා පිත්තෙන් විශ්මිත ඉණිමක් ද පන්දුවෙන් ලකුණු 25 ට කඩුලු 2 ක් ද දවා ගත් නැට් ස්කිවර් බ්‍රන්ට් ය.
තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන්න.
https://bit.ly/48rhSOg

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...