අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW :

අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අත්සනින් යුතුව සියලු අධිකරණ නිලධාරීන් වෙත නිකුත් කළ චක්‍රලේඛයකින් මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බව, අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

එම දැනුම්දීම කර ඇත්තේ, ඇතැම් මහේස්ත්‍රාත්වරුන්ගේ නියෝග මත, සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ ස්ථානවල රඳවා ඇති බවට ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙනයි. අදාළ චක්‍රලේඛය යටතේ තවත් කරුණු කිහිපයක් අවධාරණය කර තිබේ. ඒ අනූව, මහේස්ත්‍රාත්වරුන්, යම් සැකකරුවෙකුට හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස නියෝග නොකළ යුතුයි.

විවෘත අධිකරණයේදී ඒ සදහා ලැබෙන ඉල්ලීම්, අදාළ බන්ධනාගාර අධිකාරීවරයාගේ අවධානයට ලක් කිරීම ප්‍රමාණවත් වේ.මහේස්ත්‍රාත්වරුන්, සැකකරුවන් හෝ සිරකරුවන් බන්ධනාගාරගතව සිටින කාලසීමාවේ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවලට හෝ වෙනත් කටයුත්තක් සඳහා නිවෙස්වලට සහ වෙනත් ස්ථානවලට රැගෙන යන ලෙස නියෝග නොකළ යුතුයි.

කවර හේතුවක් මත හෝ යම් අයෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගියහොත්, ඒ බව සහ ඊට හේතුවූ කරුණු, බන්ධනාගාර අධිකාරීවරයා, මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ යුතු වේ. සැකකරුවන් හෝ සිරකරුවන් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් කරන ඉල්ලීම් ද, මහේස්ත්‍රාත්වරුන්, බන්ධනාගාර වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු බව, අදාළ චක්‍රලේඛයේ සදහන් වන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...