
අධිබර හෝ විශාල උදරයක් පෙනෙන්නට තිබීම මිනිසුන් සාමාන්‍යයෙන් තරබාරුකම සමග සම්බන්ධ කරයි. මෙම වර්ගයේ තරබාරුකම පිළිබඳ පුද්ගලයින් සැලකිලිමත් වන අතර බර අඩු කර ගැනීමට හෝ අඩු බරක් පවත්වා ගැනීමට උත්සාහ කරයි.
කෙසේ වෙතත්, බෙල්ල යනු අපගේ ශරීරයේ බොහෝ සෞඛ්‍ය ගැටලු පෙන්නුම් කරන කොටසක් වන අතර සාමාන්‍යයෙන් මිනිසුන් එය නොසලකා හරියි.
බෙල්ල යනු මුහුණට පහතින් ඇති කොටස වන අතර එය මිනිසුන්ට පෙනෙන නිසා බෙල්ලේ කැළලක් ඇති වුවහොත් හෝ සමේ වර්ණය වෙනස් වුවහොත් පුද්ගලයින් ඒ සඳහා කඩිනමින් විසඳුමක් සොයයි.
නමුත් බෙල්ල වෙනදාට වඩා මහතට හෝ සිහින්ව ඇති බව පෙනෙන්නට තිබේ නම් එයින් අදහස් කෙරෙන්නේ කුමක්ද? එවැනි අවස්ථාවක ඔබ ප්‍රවේශම් විය යුතුද?
එය හුදෙක් සුන්දරත්වයට පමණක් නොව සෞඛ්‍යයට ද සම්බන්ධ වේ

සිහින් බෙල්ලක් හිමිවීම බොහෝ විට ශාරීරික සුන්දරත්වය සමඟ සම්බන්ධ වී ඇත. බෙල්ලේ ඉදිරිපස අලංකාරය වැඩි කිරීම සඳහා පුද්ගලයින් ආභරණ පළඳියි.
ගෙලෙහි සුන්දරත්වය පෙන්වීමට ඇති ආශාව කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශවය අතරම දක්නට ලැබේ.
ඇතැම් අප්‍රිකානු රටවල ගෙල සිහින්ව තබා ගැනීම සඳහා ගෙල වටා වළලු පළඳින අතර එමඟින් එය ක්‍රමයෙන් සිහින් සහ දිගු වේ.
එමෙන්ම මිනිසුන් ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන වෙත ගොස් ඔවුන්ගේ ගෙලට වඩාත් ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීම සඳහා විශේෂිත ව්‍යායාම කරති.
ව්‍යායාම මගින් ශරීරයට සහ බෙල්ලට ගෙන දෙන වෙනස්කම් සාමාන්‍ය වුවත්, බෙල්ල ශරීරයේ අනෙකුත් කොටස් වලට වඩා සිහින් හෝ ඉදිමී ඇතැයි පෙනෙන්නේ නම්, එය රෝග කිහිපයක ලක්ෂණයක් වීමේ හැකියාවක් ඇත.
ගෙල ඉදිමී තිබීමෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද?
දිල්ලියේ ILBS රෝහලේ අධ්‍යක්ෂ සහ ජාතික වෛද්‍ය විද්‍යා ඇකඩමියේ සභාපති වෛද්‍ය ශිව් කුමාර් සරින් ඔහුගේ “On Your Body” ග්‍රන්ථය තුළ ගෙල පිළිබඳ විස්තරාත්මකව සාකච්ඡා කර තිබේ.
“බෙල්ලේ වට ප්‍රමාණය සාමාන්‍යයෙන් කාන්තාවන් සඳහා සෙන්ටිමීටර 33 සිට 35 දක්වා සහ පිරිමින් සඳහා සෙන්ටිමීටර 37 සිට 40 දක්වා විය යුතුය. මෙයට වඩා ඕනෑම ප්‍රමාණයක් රෝග ගණනාවක් පෙන්නුම් කරයි” ඔහු බීබීසීයට පැවසුවේය.
බෙල්ලේ මහත මත පදනම්ව රෝග පුරෝකථනය කරන නව වෛද්‍ය අධ්‍යයනය රැසක් දැනට සිදුවෙමින් පවතින බව ඔහු පැවසීය.
“බෙල්ල ටිකක් වැඩිපුර මහත්වෙලා තිබෙනවා නම් හෝ බෙල්ල කොට වෙලා වගේ පේනවා නම්, එවැනි පුද්ගලයින් තුළ බොහෝ විට මේද පිරුණු අක්මාව සහ තරබාරුකම වගේ ගැටළු පවතින බව අපට දකින්න ලැබෙනවා. ඇතැම්වෙලාවට ඒ වගේ අය අධික ලෙස නින්දෙන් ගොරවනවා” දිල්ලි හි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ආමාශ ආන්ත්‍රික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය ෂාලිමාර් පවසයි.
යම් පුද්ගලයෙකුගේ බෙල්ල සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත ලෙස පෙනේ නම්, එය පරිවෘත්තීය සින්ඩ්‍රෝමයේ ලක්ෂණයකි.
දිල්ලියේ ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය මොහ්සින් වාලි පවසන්නේ, “මහත බෙල්ලක් ඇති පුද්ගලයෙකුට අධික කොලෙස්ටරෝල්, මේදය තැන්පත් වූ අක්මාව, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි රෝග තියෙන්න පුළුවන්, මේ සඳහා විශේෂ පරීක්ෂණ අවශ්‍ය වෙනවා.”
මේ සමඟම ගෙල මහත්වීම තරබාරුකම පෙන්නුම් කරයි.

“ඇතැම්විට කාන්තාවන්ගේ ගෙල මහත්වීම බහු අවයවික ඩිම්බකෝෂ රෝගයේ ලක්ෂණයක්. මේ අතරතුර, ඩිම්බකෝෂයේ බොහෝ ගැටිති ඇති වෙලා විවිධ ගැටළු ඇති කරන්න පුළුවන්. මේකට අක්‍රමවත් ඔසප් වීම සහ ගැබ් ගැනීම් වගේ තත්ත්වයන් ඇතුළත් වෙන්න පුළුවන්” විශේෂඥ වෛද්‍ය මොහ්සින් වාලි තවදුරටත් පවසයි.
යම් රෝගයක් හේතුවෙන් ගෙල මහත්වෙමින් පවතින පුද්ගලයෝ ඇතැම්විට ඔවුන්ගේ ගෙලෙ පහළ සම අඳුරු වීමක් අත්විදිති. බෙල්ලේ සම අඳුරු වීම හුදෙක් සමේ ගැටලුවක් පමණක් නොවන අතර එය තවත් රෝගයක ලක්ෂණයක් ද විය හැකිය.
“කිසියම් පුද්ගලයෙකුගේ බෙල්ල සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහතයි නම්, එයින් පෙන්නුම් කෙරෙන්නේ මෙම පුද්ගලයාට යම් සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා කියන එකයි. විශේෂයෙන් ඔහුගේ ශරීරය තරබාරුවෙමින් තිබෙනවා. එතකොට තරබාරුකම සමඟ ගොඩක් ලෙඩ රෝග සම්බන්ධ වෙනවා.” පූනේ හි DY වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය අමිතාව් බැනර්ජි පවසයි.
වෛද්‍ය අමිතාව්ට අනුව පුද්ගලයින් දෙදෙනෙකුට සමාන ශරීර හැඩයන් තිබේ නම්, දෙදෙනාම බර අනුව සමාන බව පෙනෙන නමුත් ඔවුන්ගෙන් එක් අයෙකුට මහතින් වැඩි ගෙලක් තිබේ නම්, එයින් අදහස් වන්නේ ඔහුගේ ශරීරයේ වැඩිපුර මේදය ඇති බව සහ තරබාරුකම කරා ගමන් කරමින් සිටින බවයි.
සිහින් ගෙලක් මගින් පෙන්නුම් කරන්නේ කුමක්ද?
සිහින් ගෙලක් හිමිවීම සුන්දරත්වයේ මිනුමක් ලෙස සලකනු ලැබුවද, එය තයිරොයිඩ් ග්‍රන්ථියට සම්බන්ධ රෝග පිළිබඳ ලක්ෂණයක් විය හැකිය.
සිහින් බෙල්ලක් ඇති පුද්ගලයින්ට බොහෝ විට අමතර කශේරුකා ඇත.
ගෙලට සම්බන්ධ වන කොඳු ඇට පෙළේ කශේරුකා හතක් ඇත, නමුත් ඇතැම් පුද්ගලයින්ට අටක් ඇත.
ඇතැම්විට පුද්ගලයෙකුට ඇඟිලි පහක් වෙනුවට හයක් පැවතීම වගේ දෙයක් ගැන අපට සිතිය හැකිය.
කශේරුකා යනු කොඳු ඇට පෙළ සෑදෙන කොඳු ඇට පෙළේ අස්ථි වේ. ඒවා ශරීරයේ ව්‍යුහයට සහාය වීම සඳහා සුෂුම්නාව සහ ස්නායු ආරක්ෂා කරයි.

එය සංජානනීය තත්ත්වයක් වුවද, බොහෝ අවස්ථාවලදී එය කිසි විටෙකත් බෙල්ලේ එක්ස් කිරණ පරීක්ෂණක් ඔස්සේ නොපෙනේ, එය සාමාන්‍යයෙන් කිසිදු ගැටළුවක් ඇති නොකරයි.
"ඒවා සාමාන්‍යයෙන් කිසිදු ගැටළුවක් ඇති කරන්නේ නැහැ, නමුත් සමහර අවස්ථාවල ගෙලට සම්බන්ධ ඉළ ඇට ගණන එකකින් වැඩියි නම්, ඒ කියන්නේ අටක් නම් එයින් අත්වල හිරිවැටීම වැනි ගැටළු ඇති වෙන්න පුළුවන්."
වෛද්‍ය වාලි පවසයි.
"සමහර වෙලාවට රක්තහීනතාවය නිසා, මිනිසුන්ගේ බෙල්ල සාමාන්‍ය ප්‍රමාණයට වඩා සිහින්ව පේනවා. එවැනි අයට යකඩ, විටමින් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ දෙනවා. සමහර අවස්ථාවලදී රුධිර පාරවිලයනය ද අවශ්‍ය වෙනවා"
බැංගලෝරයේ වෛද්‍ය ආත්‍රේය නිහාරචන්ද්‍ර පවසයි.
ඔවුන් පැහැදිලි කරන්නේ යම් පුද්ගලයෙකුගේ පියාට දිගු හා සිහින් බෙල්ලක් තිබේ නම්, පුත්‍රයාගේ ගෙළ ද ඒ හා සමාන වීම ඇතැම්විට ජානමය තත්ත්වයක් විය හැකි බව සහ මෙය රක්තහීනතාවයේ ලක්ෂණයක් විය හැකි බවයි.
ඇතැම්විට සිහින් බෙල්ලක් ඇති පුද්ගලයින්ට ඖෂධ සහ වෙනත් ක්‍රම මගින් ඔවුන්ගේ පෝෂණ මට්ටම් සමතුලිත කිරීමට උපදෙස් දෙනු ලැබේ. බෙල්ලේ මාංශ පේශි ශක්තිමත් කිරීම සහ සුව කිරීම සඳහා විශේෂ භෞත චිකිත්සාවකට භාජනය වීමට ද ඔවුන්ට උපදෙස් දෙයි.
වෛද්‍යවරුන්ට අනුව, ඔවුන්ගේ බෙල්ල වෙනදාට වඩා මහතට පෙනෙන බව හැඟෙන පුද්ගලයින් පළමුව ඔවුන්ගේ බර පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ගේ බර වැඩි විය හැකි බැවින්, ඔවුන්ගේ ආහාර වේල සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට ඔවුන්ට උපදෙස් දෙනු ලැබේ.
සමස්තයක් වශයෙන් ගත් කළ දැන් ඔබ කැඩපතක් ඉදිරිපිට සිටගෙන සිටින සෑම විටම, ඔබේ ශරීරය හෝ ඔබේ සෞඛ්‍යය කිසියම් අනතුරක් කරා ගමන් කරනවාද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා, ඔබේ මුහුණට පහළින් පිහිටා ඇති ඔබේ ගෙල දෙස බැලීමට කටයුතු කරන්න.
බීබීසී සිංහල

