කොළඹ LNW:2027 අයවැයෙන් පාසල් දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පොරොන්දු වූ පරිදි ඉදිරි අයවැයේදී බදු සහන ලබාදීමට කටයුතු කරන ලෙස අවධාරණය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
2024 අගෝස්තු මාසයේ පැවති මැතිවරණ රැළිවලදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පාසල් භාණ්ඩ සහ ආහාර සඳහා VAT බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවත් එම ප්‍රතිඥාවට අනුකූලව,ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බදු ප්‍රතිපත්තිය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා 0% VAT අනුපාතයක් හඳුන්වාදීමට යෝජනා කර ඇති බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එහි දේශීය කිරි හා බිත්තර, ළදරු කිරි, පාසල් පොත්, ලිපිද්‍රව්‍ය හා උපකරණ ඇතුළු භාණ්ඩ පැහැදිලිව සඳහන් කර තිබෙන අතර පාසල් පොත් හා අභ්‍යාස පොත්, පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ, දරුවන්ගේ පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර, දේශීය කිරි හා බිත්තර,ළදරු හා ළමා පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාරසඳහා පවතින VAT සහ අනෙකුත් අදාළ බදු බර නැවත සමාලෝචනය කර, රටේ ජනතාවට පොරොන්දු වූ පරිදි සියලු බදු 2027 අයවැයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා ලිපියෙන් දක්වා ඇත්තේ.
මෙවැනි බදු සහනයක් විශේෂයෙන්ම අඩු හා මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට සෘජු සහනයක් ලබාදෙන අතර, රටේ දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණය සඳහාද වැදගත් පියවරක් වනු ඇති බවද ඔහු පවසයි.
එබැවින්, මැතිවරණ සමයේදී ජනතාව හමුවේ ඉදිරිපත් කළ මෙම ප්‍රතිපත්තිමය පොරොන්දුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා 2027 අයවැය තුළින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කරයි.



