භාණ්ඩාගාරයේ සල්ලිවලින් දන් දීපු මිනිස්සු එනවා අපිට කොලිටි බෞද්ධකම ගැන කියාදෙන්න – අරවින්ද සෙනරත්

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:”අපි හොඳ බෞද්ධයෝ. හැබැයි ඔය මහත්තුරු වගේ අපි බෞද්ධාගම අපි ජන්දෙට පාවිච්චි කරලා තමන්ට එන චෝදනා,තමන්ට එන අපරාධ චෝදනා ටිකෙන් බේරෙන්න පන්සල තෝරාගන්නේ නැහැ. අපිට තියෙන්නේ වෙන ගෞරවයක් පන්සල ගැන” යනුවෙන් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අපවසුවේ ඊයේ (11) තංගල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.

”දැන් අලුත් එකක් ඇවිත් තිබෙනවා, මොකක්ද? ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නය. ඉතාම සංවේදී කාරණයක්. දැන් මේ විපක්ෂයේ අය හිතන ඉන්නේ උන් තමයි බෞද්ධ. නාමල් මහත්තයල. සජිත් මහත්තයල ඔය කවුරුත් හිතාන ඉන්නේ එයාල තමයි කොලිටි බෞද්ධයෝ කියල. අනිත් මිනිස්සු නෑ, බෞද්ධ නෙවෙයි. තමන්ගේ දාඩිය මහන්සියෙන් හම්බකරලා දානේ දෙන්නේ නැති මිනිස්සු භාණ්ඩාගාරයේ සල්ලිවලින් දන් දීපු මිනිස්සු අපට ඇවිත් කියනවා බෞද්ධාගමට එරෙහි වෙනවා කියල. නෑ අපි හොඳ බෞද්ධයෝ. හැබැයි ඔය මහත්තුරු වගේ අපි බෞද්ධාගම අපි ජන්දෙට පාවිච්චි කරලා තමන්ට එන චෝදනා,තමන්ට එන අපරාධ චෝදනා ටිකෙන් බේරෙන්න පන්සල තෝරාගන්නේ නැහැ. අපිට තියෙන්නේ වෙන ගෞරවයක් පන්සල ගැන. බුදුදහම ගැන අපට තියෙන්නේ ගෞරවයක්. විශ්වාසයක්. අපි ආණ්ඩුවක් විදිහට අපි ඉතාම හොඳින් මේ ප්‍රශ්න හදුනාගෙන සවන් දෙන්න සූදානම්.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෘහස්ථ ණය මට්ටම ඉහළ යාම ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කළ කතාව බොරුවක් බව නීතීඥ මනෝජ් කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ රෝහල්ගත...

පොල්ගහවෙල-පේරාදෙණිය අතර අද සිට නව දුම්රියක්!

කොළඹ LNW:පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන්...