ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාළිගාකන්ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සිරිලිය සවිය ගිණුම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාස විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇය මාළිගාකන්ද අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පත් ගොනු කර තිබුණු අතර මෙම අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය 06 වැනි දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද (12) දින අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධව කරුණු වාර්තා කරන ලෙසටද නොතීසි නිකුත් කෙරිණි.

කෙසේවෙතත් මේ වන විට ඇය රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවලපිටිය නගර සභා සභාපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : නාවලපිටිය ප්‍රදේශයේදී සිදු...

පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය විවෘත කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...

ගෘහස්ථ ණය මට්ටම ඉහළ යාම ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කළ කතාව බොරුවක් බව නීතීඥ මනෝජ් කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ රෝහල්ගත...