හෙට සිට කාලගුණයේ වෙනසක්. මි.මි.100ඉක්මවූ තද වැසි ගැන අනාවැකි!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:හෙට ( 13) දිනය වන විට, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි හෙයින් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. (100-150) ක පමණ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති වියහැකයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාරගත කර ඇති භික්ෂූන් සහ අන්‍යාගමික පූජකවරුන් සම්බන්ධයෙන් සජිත්ගෙන් ලිපියක්!

කොළඹ LNW:දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ස්වාමීන් වහන්සේලා සහ...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද...

චාමර සම්පත් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ...

තබ්බෝව වැව් රක්ෂිතය අලි ඇතුන් සඳහා ආහාර සපයන භූමියක් බවට පත් කරයි!.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : මිනිසුන් සහ වන...