බන්ධනාගාරගත කර ඇති භික්ෂූන් සහ අන්‍යාගමික පූජකවරුන් සම්බන්ධයෙන් සජිත්ගෙන් ලිපියක්!

කොළඹ LNW:දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජකවරුන් බන්ධනාගරයේදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළදිය යුතු වස්ත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියි.

කථානායකවරයා හරහා එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම ඉල්ලීම සිදුකර තිබේ.

අදාළ නිත්‍ය නියෝගයේ සංශෝධනය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට සහ එම නියෝග ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ සියලු පාර්ශවයන් කමිටුවට කැඳවන ලෙස ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

ජාතික වැදගත්කමකින් යුතු මෙවන් තත්ත්වයකදී ව්‍යවස්ථාදායකයේ සක්‍රීය දායකත්වය සහ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධානය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට කාලගුණයේ වෙනසක්. මි.මි.100ඉක්මවූ තද වැසි ගැන අනාවැකි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට ( 13) දිනය වන විට, ගිනිකොණ...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද...

චාමර සම්පත් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ...

තබ්බෝව වැව් රක්ෂිතය අලි ඇතුන් සඳහා ආහාර සපයන භූමියක් බවට පත් කරයි!.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : මිනිසුන් සහ වන...